Twitter Bird Gadget

Thursday, October 20, 2011

day to day




අම්ම අප්පා කිව්ව නිසා
සිස්සත්වෙට වාඩි වෙලා
කර මුලින්ම ඇන ගත්තලු
පුංචි කාලේ මං.........

ඉස්කෝලෙන් කට්ටි පැනල
අම්බානක ගුටිත් කාල
කොල්ලෝ එක්ක ගැන්සි බැහැපු
සිරා බුවෙක් මං........

ඉගන ගන්න බැහැ උඹ හට
හැම එකාම මට කියද්දී
ඒ මොකවත් ගණන් නොගත්
මදාවියෙක් මං.........

ඕ ලේවලුත් ෆේල් වෙලා
කන් පිරෙන්න බැනුම් අසා
ෆීල්ඩ් එකේ ජොබ් කට්ටක්
හොයා ගත්ත මං.............

ඒකෙන් පුහුණුවක් අරන්
මගේ වැඩක් පටන් අරන්
ලොකු පොරකට කඩේ ගිහින්
ලොකු  පුටුවක මං.........

ඉගන ගත්ත අපේ එවුන්
සහතික මිටි තුරුළු කරන්
ජොබක් හොයන් ඇවිදිල්ලා
මගේ ලගට දැන්.......

හනේ හෆොයි බං
ඉගන ගත්ත උන්.....
මේ බලපිය බං
කට්ටි පැනපු මං........

ඇඩෙනවා නේ ....................
 

Sunday, September 25, 2011

දැයට කිරුළ අනුරාධපුරය – ඔයාමඩුව

 

දැයට කිරුළ අනුරාධපුරය – ඔයාමඩුව II



මේ තියෙන්නෙ දැයට කිරුළ වෙනුවෙන් මම් කලින් දාපු පෝස්ට්.ඒවා බලන්න මෙතනින් යන්න.අනිත් පෝස්ට් එක මෙතනින්.

කොහොමින් කොහොමින් හරි අපි  ආමි එකේ ප්‍රදර්ශණ කුටි බලලා,ආවා ගුවන් හමුදාවේ ප්‍රදර්ශණ කුටි බලන්න.වැස්සත් තිබුනා.හොදටම තෙමුනත් එක්ක.මොනව කරන්නද ආපු එකේ බලලම යන්න එපැයි නැත්තම් අපරාදෙනේ.

මෙතනින් තමා ඇතුලට ගියේ.

මේ තියෙන්නෙ එයාලගෙ හෙලිකොප්ටරයක්

මෙයා අපිට කියල දුන්න එක යානයක ලේසර් කිරණ වලින් ඉලක්කය සලකුනු කරලා වෙනම යානයකින් පහරදෙන හැටි.ඉරණමඩු වල කොටින්ගෙ ගුවන් පතය විනාස කරේ එහෙම කියලත් කිව්වා.

මේ තියෙන්නේ ඒ වාගේ යානයකින් බෝම්බ දාන හැටි පෙන්නන ආදර්ශයක්

මේ තව එකක්

මේක නම් කැරකි කැරකි තමා තිබ්බෙ,පොඩි අයට නැගලා බලන්නත් දුන්න.
වෙඩි බෙහෙත්, ඊයම්බෝල පුරවලා තියන හැටි බලන්නකො


මේ තියෙන්නෙ තව යානයක්,මොකද්ද කියල නම් මතක නෑ.

මේත් ඒකමයි.අර ඉස්සරහින් තියෙන්නෙ ඒකට දාන ඒව වෙන්න ඔනේ.

Monday, June 13, 2011

මිරිගුවක්




මිරිගුවක් වූවත් ඔබ මා හට
මට එසේ වන්නේ මන්දැයි නොසිතෙන්නේ.....නොලැබෙන ආදරයක් වෙනූවෙන් සිත ලැතවූල් වන්නේ...සිතින් පමණක් ඔබ හට පෙම් කරන්නේ.........දූක පමණක් හිමි වූයේ.....ඔබේ ආදරයේ මා හට එරෙහි වූ නිසාවෙනි......ඔබ මිරිගුවක් වී හො පැමිණ...මේ සිත සනසවන්න.....

Popular Posts