Twitter Bird Gadget

Monday, June 18, 2012

මට සමාවෙන්න අම්මේ....!!!!





                                                


"ලැබුනත් නෙත් යුග දහසක උරුමේ...
මදි මට මුළු සංසාර යුගේ......
ඔබව බලා ගන්නට අම්මේ....."
මගේ අම්මට තිබුණේ එක ඇහැක් විතරයි.පවුලෙ වියදම් ගැටගහගන්න අමාරු හින්දා අම්මා අපේ ඉස්කෝලෙ ළමයින්ටයි,ගුරුවරුන්ටයි කෑම හදලා විකුණුවා.
මං පොඩි කාලෙ එක දවසක් අම්මා ඉස්කෝලෙට ඇවිත් මට කතාකළා.මං ලොකු අපහසුතාවයකට පත් වූණා.ඇයි අම්මා මෙහෙම දෙයක් කළේ? මං අම්මාව ගණන් ගන්නෙ නැතුවම එයාට ඔරවලා බලලා,හයියෙන් දිව්වා...
ඊළඟ දවසේ ඉස්කෝලෙ ගියාම පන්තියෙ ළමයෙක් මට හිනාවුණා,
 "ඊ..... ඔයාගෙ අම්මට තියෙන්නෙ එක ඇහැයි නේද?" කියලා.....
මං ඒ යාලුවාගෙන් ඇත්ත හැංගුවා.මට ඕනි වුණේ ඉක්මනටම අම්මා නැති වෙනවා දකින්න.මං එදා අම්මාට කිව්වා,
"ඇයි ඔයා මැරිලාවත් යන්නෙ නැත්තෙ" කියලා
අම්මා මුකුත්ම කිව්වෙ නෑ......
දෙපාරක් නොහිතම මං අම්මාට ඒ ගැන කිව්වෙ, පුදුමාකාර කේන්තියකින්.
මට එයාගෙ හැඟීම් වලින් වැඩක් නෑ...
මට ඕනි වුණේ ඉක්මනින්ම ගෙදරින් පිට වෙන්න,එයා ළඟ මොහොතක්වත් ඉන්නෙ නැතුවම...
ඒ හින්දම මං මහන්සි වෙලා ඉගෙනගෙන පිටරටකට ගියා.ඊට පස්සෙ මං කසාද බැන්දා. මගේම කියලා ගෙදරක පදිංචියට ගියා. මං තාත්තා කෙනෙක් වුණා.මං මගේ පවුලත් එක්ක බොහෝම සතුටින් ජීවත් වුණේ....
එක දවසක් නොහිතපු වෙලාවක අම්මා මගේ ගෙදරට ආවා.අවුරුදු ගානකින් අම්මා මාවවත්,මගෙ  දරුවන්වවත්  දැකලා තිබුණෙ නෑ. එයාව දැකලා මගෙ දරුවො මහ හයියෙන් කෑ ගැහුවා...
මං එයාට බැන්නා,
"ඔයාට කොහෙන්ද අයිතියක් ආවෙ මගේ ගෙදරට ඇවිත් මගේ දරුවො බය කරන්න? දැන්මම මගේ ගෙදරින් පිට වෙන්න" කියලා
ඒ ගමන අම්මා කිව්වා, "ආහ්...මට සමාවෙන්න.මං හිතන්නෙ මට ලිපිනය වැරදිලා"කියලා
එහෙම කියලා අම්මා ගෙදරින් පිට වුණා...
ඔය අතරෙ එක දවසක මගේ නමට ලියුමක් ලැබුණා ඉස්කෝලෙ සුහද හමුවක් තියෙනවා කියලා.ඒකට යන්න ඕනි හින්දාම,මං වයිෆ්ට බොරුවක් කිව්වා මට බිස්නස් ට්‍රිප් එකක් යන්න තියෙනවා කියලා.ඊට පස්සෙ මං පරණ ඉස්කෝලෙට ගියා.සුහද හමුව ඉවර වුණාට පස්සෙ මං පුංචි කාලෙ හිටපු ගෙදරටත් ගියා.එතකොට තමයි දැනගත්තෙ අම්මා නැති වෙලා කියලා.....
ඒත් මම එක කඳුළු බිංදුවක්වත් හෙලුවෙ නෑ අම්මා වෙනුවෙන්.
අහළ පහළ අය අම්මා මට දෙන්න කියලා දීපු ලියුමක් මගෙ අතට දුන්නා.....

මේ තියෙන්නෙ ඒ ලියුම.....

දයාබර පුතේ,
මං ඔයා ගැන හැම මොහොතකම හිතුවා.මට සමාවෙන්න ඔයාගෙ ගෙදරට ඇවිත් දරුවො බය කරන්න සිද්ද වුණාට.මං ගොඩාක් සතුටු වුණා පුතේ ඔයා ඉස්කෝලෙ සුහද හමුවට එන බව දැනගත්තම.ඒත් මට ඇඳෙන් නැගිටින්නවත් බෑ.ඒ නිසා ඔයාව බලන්න එන්න බැරි වෙයි.
මට සමාවෙන්න, ඔයා ටික ටික ලොකු මහත් වෙනකොට ඔයාව නිතරම අපහසුතාවයට පත් කළාට. ඔයාට ලැජ්ජා කළාට....
ඔයා ගොඩාක් පුංචි කාලෙ අනතුරක් වෙලා ඔයාගෙ එක ඇහැක් නැතිවුණා පුතේ.අම්මා කෙනෙක් විදියට මට ඒක බලන් ඉන්න බැරි වුණා.ඒ හින්දා මං මගේ ඇහැ ඔයාට දුන්නා.ඒ ගැන හිතලා මං ගොඩාක් ආඩම්බර වුණා පුතේ.මොකද මගේ ඇහෙන් පුතා අලුත් ලෝකයක් දැකපු හින්දා..
හැමදාම මගේ ආදරේ ඔයාටයි මගෙ පුතේ.
ඔයාගෙ අම්මා කවදාවත් ඔයා එක්ක තරහා නෑ.
මේ,
ඔයාගෙ අම්මා

කැපවීමෙන් ක්‍රියා කිරීමේදී තමන්ට අහිමිවන දෑ බොහෝය

 කෙනෙකුට පැවරී ඇති දෙයක් නොපිරිහෙළා ඉටුකිම ඔහුගේ වගකීමයි. ඔයාල අහල ඇති තමන්ගේ රාජකාරිය දේවකාරිය ලෙස සලකනව කියල, කිසියම් කෙනෙකු එසේ කැපවීමෙන් ක්‍රියා කිරීමේදී තමන්ට අහිමිවන දෑ බොහෝය. සමහරවිට තම ජීවිතය පවා අහිමිවනු ඇත. ගිරිහෙල්, බාධක, ජයගෙන ඉදිරිය කරා යෑමට කැපකිරීම අවශ්‍යය. ඔයාලත් මේ ලිපිය කියවල බලන්න. තම නෙත් අගට කඳුළු වැගිරෙන ඉතාමත් සංවේදීජනක සිදුවීමකි.


 

Friday, June 15, 2012

ඉටි වලින් රූප හදන අපේ රටේ දක්‍ෂයා

◄ ඉටි වලින් රූප හදන අපේ රටේ දක්‍ෂයා ►

ඔබ ඔබවම දකින්නේ කැඩපතින් පමණයි. ඔබ ඔබවම දකින්නේ සිතින් පමණයි. ඒත් සමහරු ඔවුන් මැඩම් ටුසාඩ් වැනි කෞතුකාගාරවලත් දකියි. අපි හැමෝටම කෞතුකාගාරවල ඉටි රුවක් විය නොහැක. මස් ලේ ඇට නහර, මස්තිෂ්ක, අනුමස්තිෂ්ක ශරීර අභ්‍යන්තරයේ නැතත් ඔබේ ආත්මීය සංෂිප්තය මුහුණෙන් පෙන්නුම්කර, ඔබේම හැඩය ගත් ඔබේම ප‍‍්‍රමාණයගත් ඉටිරූපයක් බවට ඔබව පත් කිරීමට ඔහුට පුළුවන. ඒ මහනුවර අතුල හේරත් නම් නිර්මාණකරුවන් අතර දුර්ලභ වූ නිර්මාණකරුවායි.

◄►ඉටියෙන් රූප මවන කලාකරුවෙකු වීමේ භාග්‍ය ලැබුණු අයුරු මතක් කළොත්?

මම එවැනි කලාකරුවෙකු බව මටත් කලින් හඳුනා ගත්තේ මගෙ අම්මා. ඇය ගුරුවරියක්. සෞන්දර්යයට ලැදි කෙනෙක්. ඇය නාට්‍ය කළා. පෙරහැර සංවිධානය කළා. මම ඒ හැම අවස්ථාවෙම විවිධ අයුරින් ඒ නිර්මාණවලට දායක වුණා. චිත‍‍්‍ර ඇන්දා. පෙරහැරේ අලියා අඹන්නත් වුණා.

ඒත් අම්මට ඕන වුණේ මාව වෛද්‍යවරයෙක් කරන්න. මට විශ්වවිද්‍යාලයට යන්න ලකුණු මදිවුණා. ඊට පස්සේ 1983දී ගුවන් හමුදාවට බැදුණා. පස්සේ ශ‍‍්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ඉවත් වෙලා ඕමාන් ගුවන් හමුදාවට බැදුනා. මේ හැම කාලයකම යුද්ධයත් එක්ක මා තුළ සිටි නිර්මාණකරුවා තෙරපි තෙරපි සිටියා.

◄►ඒ නිර්මාණකරුවා නැවත පණ ලැබූ අයුරු සඳහන් කළොත් ?

ඕමානේ ඉන්න කාලේ එංගලන්ත ජාතිකයෙක් මට මුණ ගැසුණා. ඔහුගෙන් ගෘහ අලංකරණය පිළිබඳව ගොඩක් දේවල් ඉගෙන ගත්තා. පස්සෙ ලංකාවට ඇවිල්ලා ඒ පිළිබඳව ඩිප්ලෝමාවකුත් කළා. මම හිතුවා මට තියෙන හැකියාවෙන් ප‍‍්‍රයෝජන ගන්න. දැනට අවුරුදු හතකට කලින් කොටුගොඩැල්ල වීදියෙන් මම පොතක් ගත්තා. ඒ පොත නිසා ලොකු ආසාවක් ඇතිවුණා මේ රටේ ප‍‍්‍රසිද්ධ පුද්ගලයන්ගේ අනුරුව ඇතුළත් කෞතුකාගාරයක් කරන්න. ඒක ලෙසි පහසු හීනයක් නෙමෙයි.

අවුරුදු හතක් විතර විවිධ අත්හදාබැලීම් කළා. අනුරූ සිය ගණනක් හැදුවා. නමුත් සාර්ථක වුණේ නෑ. හැබැයි කාලයක් යනකොට මට තේරුණා දැන් හරි කියලා.

◄►ඔබේ පළමු ප‍‍්‍රසිද්ධ පුද්ගල නිර්මාණය, ප‍‍්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරාගේ?

ඔව්. මහේන්ද්‍රව තෝරගන්න හේතු කිපයක් තිබුණා. එකක් ඒ මම කැමතිම රංගන ශිල්පියා, රංගන ශිල්පියෙක් වගේම සරල මනුස්සයෙක්, හොඳ නළුවෙක්, අනෙක් කරුණ තමයි මහේන්ද්‍රගේ ශරීර අංග, මුහුණේ ඉරියව් නිර්මාණය කිරීම ටිකක් අමාරුයි. එවැනි කෙනෙක් නිර්මාණය කිරීම අභියෝගයක් ලෙසත් බාර ගත්තා.

◄►කෙනෙක් ඔබේ මේ නිර්මාණකරණයට අත දෙන්න සුදානම් නම් ඔබ ඒ අයට කියන්න තියෙන්නේ කුමක්ද?

එහෙම උදව් කරනවා නම් අනුග‍‍්‍රහය දක්වන පිළිරුවේ යටින් ඔහුගේ නම හෝ ආයතනයේ නම සඳහන් කරනවා. කලාවක් විදිහට මේක මේ රටේ ගොඩනගන්න කවුරු හරි උදව් කරනවා නම්, ඒක මට ලොකු හයියක්.

Monday, June 11, 2012

ஜ۩۞۩ஜසුන්දර සිරිලංකාවේ ලස්සන දේවල් ஜ۩۞۩ஜ

අපි ගොඩාක් අයට වැරදෙන තැනක්

අපි ගොඩාක් අයට වැරදෙන තැනක් නේද මේක? පිටතින් බලල කෙනෙක් ගැන තීරණයකට එන්න කවදාවත්ම අපිට බෑ. ඒ කෙනාගේ සත්‍යය ස්වරූපය අපි නොහිතනම පැත්තක් වෙන්න;පුළුවන්.                                        

Popular Posts