Twitter Bird Gadget

Saturday, May 18, 2013

◄ අම්මා ►

◄ අම්මා ►

Bookmark and Share
දවසක් අවුරුදු 11 ක ගැහැණු ළමයෙක්, සිය මවගෙන් තමාගේ අවුරුදු 15 උපන් දිනයට ලබාදෙන තෑග්ග කුමක්ද කියා විමසා සිටියා.
"ඒකට තව කල් තියෙනවනේ...  මව පැවසුවා"
වයස 14 දී, මේ දරුවාට හදවත් රෝගයක් වැළඳුනා. ඇය ජීවත් කරවීම අපහසු බව දොස්තරලා මවට පැවසුවා.
"අම්මේ මම මැරෙනවා කියලා කිවුවා නේ ද ?" කුඩා දරුවා මවගෙන් විමසුවා.
නැහැ.... මව පවසා සිටියා. අම්මා කොහොමද එහෙම කියන්නේ ?
මම ඒක දන්නවා.. ඇසෙන් වැටෙන කඳුළු සිරකරගෙන මව පැවසුවා.
දියණියට අවුරුදු 15 පිරෙන විට ඇය සුවපත් වී ගෙදර පැමිණියා. නමුත් ඇගේ මව පෙනෙන්න සිටියේ නැහැ. මේසය උඩ මව විසින් ලියපු ලිපියක් තිබුණා.
"ආදරණීය දුවේ...... ඔබ මේ ලිපිය කියවනව කියන්නේ සියල්ල හොඳින් සිදුවෙලා කියන එක. මීට අවුරුදු 3 කට කලින් ඔයා මගෙන් ඇහුවා අවුරුදු 15 දී මොනවද ඔයාට දෙන්නේ කියලා... ඒ වෙලාවෙ මට දෙන්න දෙයක් ගැන හිතාගන්න බැරුව හිටියේ. නමුත් දැන් මම දන්නවා ඔයාට දෙන්න  ඕන දේ.. මම ඒක ඔයාට දැනටමත් දීලයි තියෙන්නේ. 'මම මගේ හදවත ඔබට දෙනවා.'  සතුටින් ඉන්න.. ඇගේ මව තම හදවත පරිත්‍යාග කොට ජීවිතයෙන් සමුගෙන.."
"මේ ලොව ඇති වටිනාම වස්තුව අම්මා..." add by http://www.hirufm.lk/blog/inner-58

Popular Posts