Twitter Bird Gadget

Saturday, June 21, 2014

සිහිනයක්ම දකින නිසා

නුබේ දෙතොල් වලින් තෙමා දුන්නු හදූව
තියගතිමි මගේ හදතුල -නිදන් කළා සේ
මවා ගතිමි ඔබේ වත පුර සදක් සේ
සිහිනයක්ම දකින නිසා -
ඊට ගතිමි නොහැරෙන ලෙසේ

තරු නැති පාළු අහසේ නොදුටු පෙම්වතියයි  ඔබ
අදුර අතරින් ගලාගෙන ආ මිහිරි සිසිලසයි ඔබ
කියන්ට පෙම් වදන් නොතේරෙන ඔබ
බලන් හිටිය රැයක්  එළිවෙන තුරු මගේ ළග

ගීතයක් සේ පද ගලපුවත් දැන්
නිමේශයක් වුනිද ඒ ඇසුර අපේ
කියාගන්නට බැරුව ලතැවුනු ඒ  පෙම
  නුබ නොකීවත් තවත් ඇසුර පතමි මෙමා

----ප්‍රමෝද් කැස්ටල්-------

Popular Posts