Twitter Bird Gadget

Sunday, October 5, 2014

වසන්තය එනවා සත්තයි කුමාරි.

ආඩම්බර සිහිනේ තවමත් මග එනවා
පෙරුම්පුරගෙන ආවා වගේ
තනිකම හිතෙන හැම මොහොතම කදුළු උනනවා
අහස් නිල්ලේ නලියන තරුකැට වාගේ

මන්දාරම් අහස වසාගෙන ආ සද  එළියෙන්
මුකුළු පාපා කොමල කතා කියනවා
සදට සද එළියෙන් වසන්තය අහනවා
වසන්තය එනවා සත්තයි කුමාරි.

මීදුම අතරින් එබී බලන්න අසයි
මලට පිණි වැටිලා සීතලෙන් ගුලි වෙලා
සිහින පොඩි බැද හිමිදිරියේ එන්නම්
රෝස මල් අතුරා රිදී යහන තනනවානම් .

......ප්‍රමෝද් කැස්ටල් .......

Popular Posts