Twitter Bird Gadget

Wednesday, September 23, 2015

...ආත්මයක් නැත්ත වුන්හට....

...ආත්මයක් නැත්ත වුන්හට....2015.9.23

 ආත්මයෙන් තොර වුයේ ඇයි දැයි නොදනිමි .අවසනවන්තයෙක් ලොවට උපන්නාය .එය සුභ ආරංචියක් නොවේ.අවට සිටින්න වුන්ට සුභ වුවා ද කියා නිශ්චිතව කිව නොහැක.සිටිය තැන සියලු දේ අවසනවෙන්ම ඔහු පසු පස හබා එන්නට විය.සැමදා කදුළු ද මොරසුරණ වැස්ස මෙන් එකදිගට ඇදහැලේ .කදුළු වැටිලා වැටිලා ගං වතුරේ ඔහු ගිලෙයි."ඇයි මෙහෙම "කියා ඔහු ඔහුගෙන්ම අසයි .සනසන්න හිටියේ පසමිතුරන් පමණි.ඔහු රස්තියාදු කාරයෙකි ගෙදරට වඩා  ඔහු පිටදී දැකිය හැකි ගෙදරින් පිටමන් වුවෙක් මෙන්ය.වරෙක ඔහු සාහිත්‍ය කාරයෙකි ,තවත් වරෙක ඔහු නිර්මාණ කරුවෙකි.වරෙක ඔහු කපටියෙකි.මේ සියලු චරිත තුලින් ඔහු ජීවත් වන්නට විය.ජීවිතේ විදිනවාට වඩා ඔහු විදවන්නට ඇත.වරෙක ඔහුගේ හිතේ ද පෙම් හැගුම් මෝදු වෙන්නට විය.
විටෙක පෙම්වතෙක් මෙන් හැසිරෙන්නට ඇත.ප්‍රේමයෙන් පැරදුනු විරහව උරුමක්කාරයෙක් නොවුයේ ඔහුටම කියා පෙමක් නොතිබුණු හෙයිනි.නැ පෙමක් පැදෙන්න වත් ඔහු ට සුළු හෝ වාසනාවක් නොතිබුණු නිසා වියහැකිය.ඒ ඔහු උපන්නේ අවසානවන්ත නැකතේන්ය.නමුත් ඔහු පෙම්  නොකළාද නොවේ. ප්‍රේමය නොහදුනන්නේද නැත, හීන මානයක් තුල හිරවුණු මනසක් ඇති ඔහු නිතර භීතියෙන් සිටියාය.ගිය නුවන ඇතුන් ලවාවත් ඇද්ද විය නොහැක යන්න පසක් කරගන්නට කාලයක් නොවිය.ඔහුට ආත්මයක් නැතිවී ගියේය.ඔහු අසරණයෙකු කලේ දෙවියන්ද ,දෙමාපියන්ද ,සමාජයද ,පෙමක්ද, යනු කවුරුවත් ඇසුවේ හෝ සොයා බැලුවේ නැත. ඔහු ට ජයලතාවකට කල ඉගිබිගි හරි සොදුරුයි. තවත් වරෙක ඒ ඉගියම හරි කුරිරුයි .මා ඔහුට ලිපියක් ලියා සාධාරණයක් කරන අටියෙන් ලිපයක් ලියන්න උත්සහ කලෙමි ලිපි ලිය ඔහුට සධාරණ කල නොහැක පොතක්වත් ලිවිය යුතුය.ජීවිතේ නවකතාවක් මෙන් ලියන්නට කරුණු බොහෝ.ඔහු පිස්සෙකු වීමට කලින් තවත් කරුණු දැන ගත යුතුය.ලියන්නට ආසය. වරෙක ඔහු මැරුනොත් හොදි කියා සිතේ. එතරම් හිත උණුවී යයි.


.....පසුව ලියමි ...... 2016.7.26
දෙවැනි ලිපිය ලෙස ස්වල්පයක් ලියමි. මෙයින් අවසන්ය.

ඔහුගේ පෙර ජීවිතයෙන් බිදක් මෙසේ ලියමි.
...අවසනවන්තයා වාසනාව කෙරෙහි රබර් ඇහැ දමමින් සිටින කාලයේ ඔහු මහත් වේදනාවක් වින්දේ ඔහුගේ මුඛයේ දත් කැක්කුමක් නිසාය. ඒ කිරිදත් වලට පස්සේ ආපු පොල් දතක් උඩින් තවත් නළ දතක් එන නිසාය. කටෙ ඉස්සරහම දත එන නිසා බොහෝ උදවිය එය දැක්කේය. දැන් දැන් සමහරු ඔහු සමග හොදය. සිනහා වෙන්නේය.දෙමාපියන්  ට ද ඔහු වාසනාවන්ත කොලු පැටියෙක් විය. එහෙත් ඔහු කොලු පැටියෙක් නොවුණි . ඔහු තරුණයකි. කඩමන්ඩි වලට වඩා දැන් දැන් කැඩපත ඉදිරියේ සිටිනවා වැඩිය. පෙරටත් වඩා දැන් ඔහු අප්‍රසන්නය...ඔහුට ඔහු ගැන තවත් දුකය.. මේ මිථ්‍යා දත ගලවා  ඉවත් කළ යුතුය. ටික දවසකට පසු දත ඇවිත් ඉවර විය. එහෙත් වාසනාව අවේ නැත. ඔහු දත ගලවා දමන්නට තීරණයක් ගත්තේ කපන්න බැරි අත සිබින්නාක් මෙන් ය.ඔහු අවසනවෙන්ම මිත්‍යාව ගලවා දැමිණි. මේකි නොකී සිදුවීම් වලින් පසු ඔහු මානසිකව කඩා වැටී මහා අගාදයක සැගවුනි.මානසික අවපීඩන තත්වයක් මෙන් ය. කිසි දිනක සංස්තෘප්තියක් නොලබුවා ය. ශරීරයෙන් හැරදා පලා යන්නට ද සැරසුනි .වගකීම් විරහිත ගැටළුවක් නිරාකරණය කර ගැනීමට ගොස් ජීවිතය නාස්ති කරගත්තෙකු මෙන් ය. ආදරයෙන් බොළද වී මත් වුනු රොන් නැති වුනු සමනළියක් මෙන් ය. පම්පෝරි සමාජයේ අටෝප විස්තීරණ අතර දුප්පතුන්ගේ වැයික්කියේ රජෙකු වැනිය. . ඔහු මානසිකව බොහෝ දුර ගියේය. සිහින පරාදීස වල නිදි ගත්තේය. දෙවුලියන්ට ද පෙම් බැන්දේය. මානසික ලෝකයේ ජීවත් වෙයි. තවත් ජීවත් වෙයි. ඔහුව ඔබේ නෙතට ගැටෙන්නට ද පුළුවන. එසේ වුවහොත් අහක බලා නොයා වචනයකදු කතා කරන්නැයි මා යෝජනා කර සිටිමි. අයෙත් මොහු ගැන නොලියමි. ඔහු පිස්සෙකු වී දැන් බොහෝ කල්ය. කඩපිල් ඉදිරියේ
ඔබටත් දැකිය හැක, හොදට ඇඳ පැළද ගත් ,ඇස් ලේ ගුලි දෙකක් මෙන් රතු වෙච්ච, කොන්ඩේ මදක් වවාගෙන කළු පාටට හුරු බැනියමක් සහ ඩෙනිම් කලිසමක් හැදගත් තරුණයෙක්. 

Tuesday, September 15, 2015

රෝස මල හා කටු ඇති නැතුව

රෝස මල හා කටු ඇති නැතුව 
හිරු නැග එන බැසයන අයුරු ද කවියන් කවියට නැගුහ.මල් පිපෙන එක මෙන්ම මල් පරවෙන එක ද කවියන් කවියට නැගුහ,නගන්නේය.
සමාජය තුල පන්ති භේදය ,කුල,ආගම්,ඇති නැති යන කරුණු ඔස්සේ නොදැනුවත්ව හෝ දැනුවත්ව කවියන් කවියට නැගුහ නගන්නේය.
මේ එක් එක් මාතෘකා තුලින් කවි, ගීත,ලිපි ,ලියැවෙන්නට ඇත.
ඉතිහාසය ගැන මහා උජාරුවට කතා කරන ලාංකිකයන්ට ඉක්මනින් අමතක වීමේ රෝගය වැලදුනේ කෙසේද යන්න නොදන්නෙමි.අනුමානයක්
හැටියට ඉතිහාසයේ පටන් ජානමය මගින් සංක්‍රමණය වුවා විය හැකිය.සමාජයේ තිබෙන අසම්මත ගති පැවතුම් පිළිකාවක් වී අවසානය.දවසින් දවස
හදවත ඉකිබිදින කතා බොහෝමය.මෙයට බලපා ඇත්තේ ධනය ඇති නැති භේදය නොව මිනිස් සිත තුල ජනිත වන කුහක කම,වෛරය ගිනි දැල්ය.
වෛරයෙන් වුනු සිතක් ඊර්සියාවෙන් ද පෝෂණය වේ.

ළගදි දවසක එක්තරා දිනයක මල් කැකුළක් මිලන වී ගිය නොව මිලන කරපු පුවතක් ලංකාව හතර දිග් භාගය පුරා පැතිර ගියේය.කණ වැකුණු වැකුණු අය
"අහෝ ...කරපු  එකාට හෙන හතම ගහපිය " කටින් නොකීවත් හදවතින් මුමුණන්නට ඇත.සේයා නමැති ඒ මල් කැකුළ පිපෙන්නටත් මත්තෙන් මරය බිලි
ගත්තේ මන්ද කියා නොදනිමි.තවත් මල් කැකුළු සිද බිද දමන යකුන් එලිය යුතුය. මන්ත්‍ර මතුර හෝ එලවිය යුතුය.
සමහරු වෛරී දේශපාලනය පිළිබද මහත් උජාරුවට එෆ්.එම් ,රුපවාහිනී ,පුවත් පත් වලද කතාකරති.කිසිවෙකු සමාජය තුල ඇති සමාජමය වසංගතය
පිළිබද කතා නොකරති.ඇත්ත කීම මහත් ජීවිත අවදානමක් ගෙනදෙනු නියතය, එය ඇත්තය සත්තය.මිත්‍යාව පිළිබද කතා කරන බොහෝ පුද්ගලයන්
උදැසනට එෆ්.එම්  නාලිකා වලද දහවලට රුපවාහිනී නාලිකා වලද සිටිනු දැක ගත හැකිය.ග්‍රහචාර්ය පිළිබද කතා කරන්නන් බොහෝය සමාජයේ පරිහානිය
පිළිබද කතා කරන්නන් අල්පය.ග්‍රහචාර්ය නොවේ වැදගත් ජීවිතයි වැදගත්.. කියා කීමට කෙනෙක් නොමැත.ජීවිත ග්‍රහචර්යට වෙනස් කල නොහැක උත්සාහයෙන් වෙනස්කල හැක.
වෛරය ,පලිගැනීම ,කුහකකම මුල් වන අපරාධ සුලබය අතීතයේ කවියන් වර්ණනා කරපු ප්‍රේමය ද සෘගරය ද නොමැත.වනචරකමේ පිළිලය එය විනාස කරමින් පවතී ග්‍රාමීය සමාජයේ එදත් අදත් තිබෙන්නේ තේරුම් කිරීම වෙනුවට තේරුම් ගත්තවුන් නොතේරුම් සහගතවුන්ගෙන් ප්‍රයෝජන ගැනීමය.
එය නීත්‍යනුකුල ශිෂ්ට සමාජයේ දී "ළමා අපචාර ලෙස අර්ථ දක්වයි.අපරට අපරාද කරන්නෝ ළමයි නොව වැඩිහිටියෝය.ආදර්ශය අවවාදයට වැඩ උතුම්
කිවේ කට කසනවට නොවේය.
(පසුව ලියමි)
සමාජයට විශාල පරිවර්තනයක් අවශ්‍ය අත්‍යවශ්‍යය,ලැබිය යුතුය.ආගම් ,ජාති,කුල  භේද කිසිවක් නුතන පරම්පරාවේ නැත.වැඩිහියනි බෝ නොකරන්න
ඔබගේ කුහක සිතුවිලි.ඔබ ඔබේ ප්‍රශ්නයට පිළිතරු සොයන්න ඒ තමන්ගේ සිමාවේ සිට.ඊට එහා ගියත් තවකෙකුට හානි නොකරන්න.තවත් ප්‍රමාද නැත
අපම ගොඩ නැගෙමු..
(සැ .යු . කතෘ අයිතිය සුරකින්න )
කතෘ :- ප්‍රමෝද් රවිශාන් 

Popular Posts