Twitter Bird Gadget

Saturday, April 20, 2013

♥ තවත් ආදර කතාවක් පමණක්ම නොවේ ♥


එක්තරා යුවලක් පැයට කි.මි 100 ක් පමණ වේගයෙන් ධාවනය වන යතුරු පැදියක ගමන් කරමින් සිටියා තරුණිය :- වේගය අඩුකරන්න මට බයයි.. තරුණයා :- යැයි.. මේක හරි විනෝදයි නේ..
තරුණිය :- එහෙම නෑ... වේගය අඩු කරන්නකෝ....
තරුණයා :- එහෙනම් මට ආදරයි කියන්න.
තරුණිය :- හරි මං ඔයාට ගොඩාක් ආදරෙයි... වේගය අඩුකරන්න.
තරුණයා :- එහෙනම්, මාව එක පාරක් බදා ගන්න.
තරුණිය :- තරුණයාව බදා ගත්තා.
තරුණයා :- මගේ හෙල්මටි එක ඔයා දාගන්නවද... ඒක කරදරයි මට...
පසුදින පුවත්පතේ මෙසේ පළවී තිබුණා. වේගයෙන් පැදවූ යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් තරුණයෙක් ජීවිතක්ෂයට පත් වූ අතර තරුණියක් තුවාල ලබා රෝහල් ගත කර ඇත. සත්‍ය වශයෙන්ම සිද්ධිය වී තිබුනේ මෙසේය... අධික බෑවුමක ගමන් කරද්දී යතුරු පැදියේ තිරිංග කැඩුන බව තරුණයාට දැනින. ඔවුන් අනතුරට ලක්වන බව ඔහුට දැනුනත්, ඔහු එය තම පෙම්වතියට ඇඟවූයේ නැත. ඒ වෙනුවට අවසන් වරට ඇගේ මුවින් " ♥ආදරෙයි..♥ " යන වචනය අසා, තමාව බදාගන්නා ලෙස ඉල්ලා, පෙම්වතියට හිස්වැසුමක් ද නොමැති නිසා, හැකිනම් ආරක්ෂා වීමට තමන්ගේ හිස් වැසුම ලබා දී තමන් මිය යාමට සැරසුණි.  add by hiru blog
http://www.hirufm.lk/blog/inner-57

Tuesday, April 16, 2013

add



යසෝදරාවත

යසෝදරාවත

කාරණාව බුදු වෙනවා ලකුනු දැනී
නෑර කැටුව ආවා මම සරණ ගෙනේ
භාවනාව තොර නොකරමි හිතින් අනේ
මාලීගාව අද අදුරුයි ස්වාමිනී

හිමයේ ගොසින් මල් යහනක නිදනවද
ඔබට අනේ සිරිපා දෙක රිදෙනවද
හිගේ නැතිව දෙවියෝ මුර කරනවද
මගේ ඇත් රජුනි නුබ අද කොතැනකද

කැලේ තියෙන කොයි දේ වත් රස වේවා
මලේ බබරු මෙන් පිරිවර ඇති වේවා
අව්වේ තියෙන රැස් මාලා අඩු වේවා
ගවුවෙන් ගවුව දිව මාලිග සෑදේවා

Friday, April 5, 2013

ඉක්මන් නොවුනා නම් අපි

එක්තරා තරුණයෙකුට රැකියාවක් ලැබිල යනව සිය රාජකාරියට. ගිය දිනයේ ඉදලම ඔහුගේ සිත් ගත්ත කාන්තාවක් ඒ කාර්යාලයේ ඉන්නව. ඉතින් තරුණ වයසේදි ඔබ අප හැමෝම වගේම ඒ තරුණයත් අර කාන්තාව, ඒ ආයතනය, අවට පරිසරය එක්ක කියන්න බැරි තරමට බැදුන. ලංවුනා. වයස හා පළමු රැකියාව මේකට ප්‍රධානම හේතුව වෙන්න ඇති.....කාලය ගෙවුන තරුණයා වැඩිහිටියෙකු වෙමින් සිටියා, උසස්වීම් ලැබුවා. තරුණයා ඒ කාන්තාවගෙන් ඈත් වෙලා මාරුවක් අරගෙන ගියා..... ඈත් වෙන්නත් හේතුවක් තියෙනවා කාන්තාව විවාහ ගිවිසගෙන හමාරයි ඒ වනවිටත්..... දැන් බලමු මේ තරණයා දකින විදිය....

මල් කැකුළු පුරවා අතු ඉතී
අපෙ මූණ බැලුවා මතකැතී
ඒ වසන්තය ඇවිදින් යලී
ඔබ කොහිද කියපන් හිතවතී


වසර පහකට පෙර ලෙසම එම ස්ථානය ඇත. ගහ කොලද එසේමය. සමහරුන් විශ්‍රාම ගොස් ඇත. නවක මුහුණුද දකින්නට ඇත. මේ සියල්ල අතර වසර පහකට පෙරදී බලන්නට පෙරුම් පුරමින් සිටි මුහුණද විය. ඇය මදක් වයස් ගතව ඇත. නමුත් පෙර සේම සුන්දරය. මාද වයස්ගතව ඇත. එකල මෙන් නොව දැන් මා ජේෂ්ඨ නිලධාරියෙකි. මගේ මතකය අතීතයට දිව යයි. එකට එක්වී සිනා සුණු, කතා බහ කල, අතිනත පටලා සක්මන් කල යුගය හීනයක් වාගේ මතකයට නැගෙයි. අපි පෙමින් වෙළී සිටියෙමු. නමුත් ඒ අපට එක්වන්නට ඉඩ නැති බව දන්නා අතරතුරදීමය. වසන්තය එකල අප වෙත විය. කුරුළු කිචි බිචිය කරච්චලයක් නොව ගීතයක්ම වූයේය. හැම පාටකම එළියක් අපි දැක්කෙමු. හෙට වන දේ නොසිතා අද පෙම් කළෙමු.

ගෙට එන්ට කල් බැලු සේ අපි
වෙන් වෙන්ට පෙර නොසිතූ සැටී
ඒ වසන්තය ආයෙම ඉතින්
හිමි නැතිද අප වෙත හිතවතී


හෙට වන දෙය ගැන සිතන්නට වන් කල්හි අප පෙම දෙදරා ගියේ ඇයි? අපට ඇති ප්‍රශ්න විසඳා ගත නොහැකි බවට ඉක්මන් තීරණ අප ගත්තේ ඇයි? සමහර විට ටිකක් ඉවසුවා නම් ඔබ මා පියන් කැමති කරවා ගැන්මට හැකියාව තිබිණි. දුර රටක සිටින ඔබ විවාහ කර ගැන්මට බලා පොරොත්තු වන පුද්ගලයා නො එන්නට ඉඩ තිබිණි. අපි ඉක්මන් වූයේ ඇයි? ඒ ඉක්මන නිසාම එදා අප දෙපසට වීමු. ඔබත් ඉක්මන් විය, මමත් ඉක්මන් වීමි. කාලය ගෙවී ගොස් ඇත. අද මා විවාහකය. ජීවිතයේ වසන්තය අග ගිම්හානයට පිවිස ඇත්තෙමි. නමුත් මේ බිම තුල වසන්තයේ සොඳුරු සුවඳ තවමත් මා හට දැනෙයි. එහි සොඳුරු පැහැය ඔබ දකින විට සිතට නැගෙයි. ඔබ ඇඟිලි තවමත් හිස්ය. ඔබ විවාහ ගිවිස ගත් කෙනා වසර පහකට පසුත් පැමිණ නැත. ඔබ දෑසේ ඇත්තේ එක පැණයකි. "අපි ඉක්මන් වූයේ මන්ද" යන්නයි. එනමුත් මේ වසන්තය අපට හිමි නැත. ඒ වසන්තය නැවත කිසිදාක නො එයි. මල පුරා ගත් අතු රිකිලි නැවත අප දෙස බලා හිනැහෙන්නේ නැත. ඔබෙත් මගේත් දිවි මග ඒ සොඳුරු මොහොතක අතිපිහිත විය. නමුත් දැන් අප අපෙන් තව තවත් ඈතට ගමන් කරමින් සිටින්නෙමු.නැවත අප හමු නොවීමටද ඉඩ ඇත. එනිසා හිතවතිය ඒ වසන්ත නෑවිදින් සිටියා නම් හොඳ යයි නොසිතන්නේද?

ඉක්මන් නොවුනා නම් අපි
අපි අපගෙයි තාමත් හිතවතී
මේ වසන්තය නෑවිදින් සිටියා නම්
මේ තරම් දුක නෑ සඳවතී
add by elakiri.com


මල් කැකුළු පුරවා අතු ඉතී
අපෙ මූණ බැලුවා මතකැතී
ඒ වසන්තය ඇවිදින් යලී
ඔබ කොහිද කියපන් හිතවතී

ගෙට එන්ට කල් බැලු සේ අපි
වෙන් වෙන්ට පෙර නොසිතූ සැටී
ඒ වසන්තය ආයෙම ඉතින්
හිමි නැතිද අප වෙත හිතවතී

ගායනය: ක්‍රිෂාන්ත එරන්දක


add by elakiri.com
  by sasliit

pavanata salena song

add by elakiri
Last edited by sasliit; 01-22-2012 

1993 දවසක අප හමුවන්න කොලඹින් පිට ප්‍රසිද්ධ විදුහලක දෙ‍ටු සිසුවෙක් ආවා... ඔවුන්ගේ විද්‍යා ප්‍රදර්ශනයට අපේ විශ්ව විද්‍යාලයෙන් ප්‍රදර්ශන භාණ්ඩ ‍රැගෙන යන්න... ඔහුට අවශ්‍ය ඡායා පිටපත් වගයක් ලබාගන්න යන්ත්‍රය ලඟට මම ඔහුව ගෙන ගියා... දිග පෝලිමක්... වැඩියෙන්ම හිටියේ Architecture Faculty එකේ ගැහැණු ළමයි... මම ඔවුන් සියල්ලගෙන් අවසර ගෙන, මේ දරුවට පරක්කු වෙන නිසා වැඩේ කරලා දුන්නා...අපසු එන ගමනේදී මේ දරුවා මට කියනවා "මම බඳින්න හිටියේ ඉන්දියාවෙන්... බැලුවහම ලංකාවෙත් ලස්සන ඒවා ඉන්නවා නේද..." කියලා... මාව හොල්මං... විවාහය ගැන ඔහුගේ තිබ්බේ ඒ වාගේ අදහසක්...

මාත් එක්ක අර අපට රන්බඩු ගන්න ගිය මිත්‍රයා තමයි අපේ නඩෙන් ඉස්සෙල්ලාම විවාහ වුනේ.. බැන්ද තරුණිය ඉතාම හැඩයි.. හරියට ශ්රීය දේවී වාගේ... ඔවුනගේ පලමු දරුවට අවුරුද්දක් වෙන්න ඔන්න මෙන්න කියලා ඇය ස්වාමියත් දරුවත් දමා හදිසියේ වෙනෙකෙකු සමග ගියා, මහ දවාලෙම... එදා රෑ, දරුවගෙ අත්තම්මත් මමත් මගේ මිත්රතයත් දරුවව නලවන්න පුදුම උත්සහයක් ගත්තා...දරුවා නිදන්න පුරුදු වෙලා හිටියේ කිරි උර උර... විකල්පයක් නැති තැන මම මගේ බිරිඳට කතාකලා.. මගේ දරුවට මාසයයි එතකොට ..ඇය එක පයින් එකඟ වුනා ඒ දරුවට කිරි දෙන්න... ඒත් අවසානයේ ඒ දරුවගෙත්, මගේ දරුවගෙත්, අත්තම්මලාගේ විප්රුකාර නිසා අඬලා අඬලා ඒ කිරිසප්පයා, බඩ ගින්නේම නිදා ගත්තා... ගැහැණු හතරදෙනෙක්ගේ, රාගයටයි, කරුණාවටයි, මාන්නයටයි, බොරු බයටයි මැදිවෙලා, බඩගින්නේ නිදාගත්තු ඒ කිරි සප්පයාව දු‍ටු මට හැබෑවටම මේ සිංදුව මතක් වුනා... ඔබේ හිතත් චංචල නම්, බැන්දත් දරුවො නම් හදන්න එපා... ඒ අහිංසකයෝ ඒ මොකකටවත් පලි නෑ...

මේ ගීතයේ ආරම්භයත් හරිම අභව්යායි... ගීත 5 record කරන්න හිටපු ටී එම් ටයි, කේමදාස මාස්ටර් ටයි තිබිලා තියෙන්නේ ගීත 4යි...ගී 4 කට සංගීතය සපයපු ශිල්පියොත් පිටත්වෙලා, 5 වෙනි ගීතය ප්‍රමාද නිසා... කරන්නම දෙයක් නැතිව මාස්ටර් ධර්මසිරි බණ්ඩාරනායකට දුරකතනයෙන් ඇබැද්දිය කිව්වම, "එහෙමනම් කොලයක් ගනිමුකො..." කියල දුරකතනයෙන් මේ ගීයේ පද වැල් කිව්වලු... ඒවෙලාවෙම තණුවක් යොදලා, අතේ තිබුණු ගිටාරයෙන් පමණක් සංගීතය යෙදු මේ ගීය, සෝකයෙන් බර නොකරන්නේ කොයි තාත්තගෙ හිතද...?

පවණට සැලෙනා... දොඹමල් සුවඳින්...
ආදර හස‍රැල් මුවට නැගෙයිදෝ....
සවනට කොඳුරා... පවසන වදනින්...
ආදර හැඟුමන් හිතට දැනෙයිදෝ...

මල් ඇතුරුණු ඒ සුව යහනේ ඔබ...
අඩවන් දෙනෙතින් ආලවඩයි දෝ...
මා ඇකයේ සිට පොඩි පුතු හඬනා...
ඒ දුක්බර හඬ ඔබට ඇසෙයි දෝ...

ඇකයේ සිට මා පුතු හඬනා සඳ...
ලේ කිරි වීදැයි නොදනිමි මා ලඟ...
අසරණ දෙනෙතින් පුතු දෙස බැලු සඳ...
දු‍ටුවේ වැගිරුණු කඳුලු පමණි ලඳ...

visirunu mal pethi song



ඇසුව පමණින් ආදර විරහව ගැන කියවෙන ගීතයක් වුනත් මේක එහෙම එකක් නෙවේ.....අනූව දශකය මුල් භාගයේ මුලින්ම ඇසුණු මේ ගීතය යට සැඟවිලා තියෙන්නේ ඛේදාන්තයක්

දවසක් නීතිඥ කාර්යාලයකට ගොඩවදින්නේ තරුණ අයිය කෙනෙක් සහ ඔහුගේ නැගණිය....මේ දෙන්න සල්ලි බාගේ තියෙන අය නෙවේ...දුප්පත් මිනිස්සු....මේ අහිංසක නංගිව සල්ලිකාර වගේම සෙල්ලක්කාර තරුණයෙකුගේ බහට රැවටිලා ඔහු අතින් කෙළෙසිලා....දැන් ඔහුව හොයාගන්නවත් තැනක් නෑ....තමන්ගේ අහිංසක නංගිව අනාථ වෙන්න නොදී කොහොමහරි වැරදිකාර තරුණයට එරෙහිව නීතියේ පිහිට පතන්නටයි මේ දෙන්නා ඇවිල්ල තියෙන්නේ...

ඒත් ඒ සල්ලාලය බොහොම බලපුළුවන්කාරකම් තියෙන කෙනෙක්....මේ නංගිව විත්ති කුඩුවේ නග්ගලා ලෝකෙටම ඇහෙන්න දුක කියල පිහිටක් ගන්න මේ අයියට ඕන උනත් මේ සල්ලිකාරයෝ එක්ක හැප්පෙන්න මේ අයට සල්ලි වත් බලයවත් නෑ කියලා මේ තරුණ නීතිඥයාට වැටහෙනවා.....මේ කරන්න යන වැඩේ නිෂ්පලයි කියලා ඔහුට කල තියාම තේරෙනවා....

ඒ නිසා මම මේ නංගිගේ මේ අයියා වුනානම් මම නංගිට මේ යතාර්ථය තේරුම කරල දෙන්නෙ මෙහෙමයි කියන එකයි මේ ගීතයෙන් කියවෙන්නේ....(ගීතය ලියපු මේ නිතිඥවරයාගේ නම මට මතක නෑ...ඒ ගැන කණගාටුයි)

ගීතය ඇහුවම වෙලාවකට අපි ගැනම ලැජ්ජාවක් එනවා...

විසිරුණු මල් පෙති දෝතට ගත් කුමරි...ඒ පෙති එක්කර මලක් සොයන බොලදී.....

අහිංසක බොළඳ නැගණිය.....කෙලෙසුණු ඇගේ ජීවිතය නැවත නිකැළැල් කරන්නට නිෂ්පල උත්සාහයක යෙදෙයි.....


වෙරළ සොයා රළ පෙළ දිව ආවත් වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ...

සල්ලිකාර පිරිමි අහිංසක දුප්පත් ගෑණු ළමයින්ගේ පහස අරගන්න විතරක් ඔවුන් වෙත ඇවිල්ල යනවා....එයින් පසු ඒ අයව කවදාවත් දකින්න ලැබෙන්නේ නෑ.....ඔවුන් අසරණ වෙලා තනි වෙනවා....

බඳට පියාපත් යුවලක් ලැබුනත් අහස දෙකෙළවර නුඹට දිනනු හැකිදෝ...

ඉහළින් වැජඹෙන සල්ලිකාර සමාජයේ ඒ අය අතරමං වෙනවා...

බඹරුන් පසුපස මල් දිව නොගියත් අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ.....

බොහෝවිට කාන්තාව පසුපස පිරිමින් යයි....එය සාධාරණීකරණය කිරීමට ඇගේ එක බැල්මක් වුවද ප්‍රමාණවත් ය....අවසානයේ හංවඩු ගැසෙන්නේ ඇය සංකර ගැහැණියක කියා ය....පිරිමියා සමාජය විසින් නිදොස් කොට නිදහස් කෙරේ....

මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින් නුඹේ සුසුම් ගිණි බොල් අහසම නොවෙදෝ....

තිත්ත ඇත්ත මෙයයි.....මේ යතාර්ථය තේරුම් ගෙන කරබාගෙන සිටිනවා මිසක හැමදාම ඒ ගැන හිතමින් හිතින් සෝ සුසුම් බොල් අහසට මුසු කිරීමෙන් පලක් නැත......

සරදම් නොකරමි ...ආදරයෙන් කියමී.....විසිරුණු පෙති යළි මලක් නොවේ නැගණි..... add by elakiri.com


Last edited by kaushala

life of art


නැව ගිලුනත් බෑං චූං. (සුන්දර සිරිලංකාවේ ලස්සන දේවල් ) facebook eken gaththe...

ලිබර්ටි ප්‍රතිමාවේ දබරැගිල්ලක දිග අඩි 8කි.

චිලී රාජ්යයේ ඇටකාමා කාන්තාරයේ සමහරක් ප්‍රදේශ වලට කිසිම දිනෙක වැසි ඇද වැටී නැත.

වයස අවුරුදු 75ක පුද්ගලයෙක් සාමාන්යයෙන් තම ජීවිතයෙන් 1/3ක කාලයක් නිදාගෙන ඇත.

බෝයින්ග් 747 යානයේ තටු වල දිග, රයිට් සහෝදරයන්ගේ පළමු ගුවන් ගමනේ දුරටත් වඩා වැඩිය.

පෘථිවියේ සිටිනා මිනිසුන් ගණනට වඩා කුකුළන් සිටී.

කැන්ගරුවන්ට පසුපසට ඇවිදීමට නොහැක.

අමෙරිකානුවෝ දිනකට අක්කර 75ක ප්‍රමාණයේ පීසා අනුභව කරති.

මිහිපිට වසන මිනිසුන් හා කෘමීන් අතර අනුපාතය 1:200,000,000 කි.

නිල් තල්මසෙකුගේ දිවෙහි බර, අලියෙකුගේ බරට වඩා වැඩිය.

ඇසිපිය නොගසා කිවිසුම් යැවිය නොහැක. (පුලුවන් නම් කරලා බලන්නකෝ.)

කැරපොත්තෙකුට තම හිස නොමැතිව දින 10ක් ජීවත් විය හැක.

මහද්වීප දෙකක පිහිටි එකම නගරය තුර්කියේ ඉස්තාන්බුල් නගරයයි.

ඔබට ඔබේ දිව වැලමිටේ ගෑවීමට නොහැකිය.

'දිව' මිනිස් ශරීරයේ ශක්තිමත්ම පේශියයි.

හුස්ම නොගෙන සිට සියදිවි නසා ගැනීමට නොහැකිය.

නරක් නොවන එකම ආහාරය 'මී පැණි' පමණි.

අලියා යනු උඩ පැනීමට නොහැකි එකම ක්ෂීරපායී සත්වයාය.

මිනිසාගේ බෙල්ල අස්ථි 7කින් සමන්විත වන අතර ජිරාෆ්ගේ බෙල්ලෙහිද ඇත්තේ අස්ථි 7ක් පමණි.

**** මෙය කියවන්නන්ගෙන් 99%ක් තම දිව, තම වැලමිටේ ස්පර්ශ කළ හැකිදැයි උත්සාහ කර බලයි ****

උපුටා ගැනීම-"ලොවෙත් නෑ" ‍‍වෙබ් අඩවියෙනි...
 

Monday, April 1, 2013

එන්න අපේ පිටුවට

සිංහල කතා කරන්න ලැජ්ජයිද?

"සිංහල" අපේ මවු භාෂාව..ඔබත් සිංහල කතා කරන්න ලැජ්ජයිද? කිසිම දේකට සිංහල කතාකරන්න ලැජ්ජවෙන්න එපා... මේක සිංහල රට මේ සිංහල රටේ සිංහල කතාකරන්න මොකටද ලැජ්ජ වෙන්නේ...ඔයාලා දන්නවනේ දකුණු කොරියාව? අර අපේ කොල්ලෝ දිවා රැ නැතුව සල්ලි හොයන්න දුක් විදින්නේ... අන්න ඒ රටේ ඉංග්‍රීසි උන් එක දශමයකටවත් ගනන් ගන් නෑ.. මේ රටෙන් යන කම්කරැ මනුස්සය පවා උන්ගේ භාෂා ප්‍රවීණතා විභගය කරන්න ඕනි... කොරියන් භාෂාව පුලුවන්නම් ඒ රටේ ඔනම කෙනෙකුට හොද පිළිගැනීමක් තියනව... භාෂාව බැරිනම් උන් නොමිලේ ඒ රටේ උගන්වනව.. එයාලා එහෙම කරන්නේ මොකද? උන් උන්ගේ භාෂාවට උන්ගේ ජාතියට උන් දීලා තියන තැන නිසා.. උන් උන්ගේ භාෂාවට ඉහල තැනක් දීලා තියනව.. පරිගණකයක් ගත්තත් කොරියන් භාෂාව අනිවාර්්‍යයයි..සුද්දෙක් උනත් එහෙට ගියොත් යන්තන් අමුණ අමුණ හරි කොරියන් තමා...උන්ගේ නායකයෙක් මොනරටටකට ගියත් කතා කරන්නේ කොරියන් වලින් අනිත් එවුන් කියන එක තේරැම් ගත්තත් නැතත් උට ඒක වැඩක් නෑ.. ඒ රටවල් දියුණු වෙලා තියෙන් අන්න ඒකයි උන් උන්ගේ ඒ අපේ කම කියන එක ලොකයට අරන් ගිහින් තියනවා...

දැන් බලමු අපේ උන්... අපේ උන්ට හරි ඉක්මනට සිංහල අමතක වෙනව...
වැඩිය ඕන නෑ.. M C එකට ගිහින් බලන් කීදෙනෙක් සුද්දෝ වගේ හැසිරෙන්න හදනවද කියල... යාලුවොත් එක්ක ඉංග්‍රීසියෙන්මයි ටෝක.. ඒත් මේ අපේ රටේ හොද සිංහල අය.. ඇයි අපේ භාෂාවට අපේ ජාතියට තැනක් දෙන් නැත්තේ.. ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනි... අද සමාජේ යන විදයට ඉංග්‍රීසි අත්‍යවශයි.. ඒ වගේම ඉංග්‍රීසි පාවිච්චි කරන්න ඕනි තැන් වගේම නැති තැන් තියනව.. මට නම් සුද්දෙක් හම්බුනත් සිංහලෙන් තමයි පටන් ගන්නේ.. ආයුබෝවන් කියල පටන් ගත්තහම සුද්ද වුනත් හතරට නැමෙනව..පස්සේ තමයි ඌට අමාරැමනම් කඩ්ඩ ගන්නේ.. හැම වෙලේම හැම තැනකදිම සිංහල කතාකරන්න.. අපේ රත්තං සිංහල භාෂාවට තැනදෙන්න..ජාතියක් ගොඩන්න භාෂාව හරිම වැදගත්.. මතක තියාගන්න සිංහල තමයි ලොකේ තියන අමාරැම භාෂාව.. ආඩම්බර වෙයන් ඔබට ඒක පුලුවන් වීම පිළිබදව... ඒ වගේම අපේ රටේ අය තමා ඉංග්‍රීසි නිවරදිව ප්‍රනව්ස් කරන්නේ මුලු ලෝකෙන්ම.. ඒගැනත් ආඩම්බර වෙයන්.. මොන දේ ඉගෙන ගත්තත් මොන ලෝකෙක හිටියත් උබ මොන මගුල කරත්.. සිංහල කම.. සිංහල භාෂාව.. සිංහල ජාතියට මුල් තැන දියන්.. මුලු ලෝකයෙන්ම සිංහල කතා කරන අය ඉන්නේ මේ පුංචි පිංබිමේ විතරයි.... හදවතට කතා කරල හිතල බලපන් මේ කියපුව ඇත්තද කියල  add by-
අනේ පුතේ රිංගො මාමා

Popular Posts