Twitter Bird Gadget

Monday, April 1, 2013

සිංහල කතා කරන්න ලැජ්ජයිද?

"සිංහල" අපේ මවු භාෂාව..ඔබත් සිංහල කතා කරන්න ලැජ්ජයිද? කිසිම දේකට සිංහල කතාකරන්න ලැජ්ජවෙන්න එපා... මේක සිංහල රට මේ සිංහල රටේ සිංහල කතාකරන්න මොකටද ලැජ්ජ වෙන්නේ...ඔයාලා දන්නවනේ දකුණු කොරියාව? අර අපේ කොල්ලෝ දිවා රැ නැතුව සල්ලි හොයන්න දුක් විදින්නේ... අන්න ඒ රටේ ඉංග්‍රීසි උන් එක දශමයකටවත් ගනන් ගන් නෑ.. මේ රටෙන් යන කම්කරැ මනුස්සය පවා උන්ගේ භාෂා ප්‍රවීණතා විභගය කරන්න ඕනි... කොරියන් භාෂාව පුලුවන්නම් ඒ රටේ ඔනම කෙනෙකුට හොද පිළිගැනීමක් තියනව... භාෂාව බැරිනම් උන් නොමිලේ ඒ රටේ උගන්වනව.. එයාලා එහෙම කරන්නේ මොකද? උන් උන්ගේ භාෂාවට උන්ගේ ජාතියට උන් දීලා තියන තැන නිසා.. උන් උන්ගේ භාෂාවට ඉහල තැනක් දීලා තියනව.. පරිගණකයක් ගත්තත් කොරියන් භාෂාව අනිවාර්්‍යයයි..සුද්දෙක් උනත් එහෙට ගියොත් යන්තන් අමුණ අමුණ හරි කොරියන් තමා...උන්ගේ නායකයෙක් මොනරටටකට ගියත් කතා කරන්නේ කොරියන් වලින් අනිත් එවුන් කියන එක තේරැම් ගත්තත් නැතත් උට ඒක වැඩක් නෑ.. ඒ රටවල් දියුණු වෙලා තියෙන් අන්න ඒකයි උන් උන්ගේ ඒ අපේ කම කියන එක ලොකයට අරන් ගිහින් තියනවා...

දැන් බලමු අපේ උන්... අපේ උන්ට හරි ඉක්මනට සිංහල අමතක වෙනව...
වැඩිය ඕන නෑ.. M C එකට ගිහින් බලන් කීදෙනෙක් සුද්දෝ වගේ හැසිරෙන්න හදනවද කියල... යාලුවොත් එක්ක ඉංග්‍රීසියෙන්මයි ටෝක.. ඒත් මේ අපේ රටේ හොද සිංහල අය.. ඇයි අපේ භාෂාවට අපේ ජාතියට තැනක් දෙන් නැත්තේ.. ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනි... අද සමාජේ යන විදයට ඉංග්‍රීසි අත්‍යවශයි.. ඒ වගේම ඉංග්‍රීසි පාවිච්චි කරන්න ඕනි තැන් වගේම නැති තැන් තියනව.. මට නම් සුද්දෙක් හම්බුනත් සිංහලෙන් තමයි පටන් ගන්නේ.. ආයුබෝවන් කියල පටන් ගත්තහම සුද්ද වුනත් හතරට නැමෙනව..පස්සේ තමයි ඌට අමාරැමනම් කඩ්ඩ ගන්නේ.. හැම වෙලේම හැම තැනකදිම සිංහල කතාකරන්න.. අපේ රත්තං සිංහල භාෂාවට තැනදෙන්න..ජාතියක් ගොඩන්න භාෂාව හරිම වැදගත්.. මතක තියාගන්න සිංහල තමයි ලොකේ තියන අමාරැම භාෂාව.. ආඩම්බර වෙයන් ඔබට ඒක පුලුවන් වීම පිළිබදව... ඒ වගේම අපේ රටේ අය තමා ඉංග්‍රීසි නිවරදිව ප්‍රනව්ස් කරන්නේ මුලු ලෝකෙන්ම.. ඒගැනත් ආඩම්බර වෙයන්.. මොන දේ ඉගෙන ගත්තත් මොන ලෝකෙක හිටියත් උබ මොන මගුල කරත්.. සිංහල කම.. සිංහල භාෂාව.. සිංහල ජාතියට මුල් තැන දියන්.. මුලු ලෝකයෙන්ම සිංහල කතා කරන අය ඉන්නේ මේ පුංචි පිංබිමේ විතරයි.... හදවතට කතා කරල හිතල බලපන් මේ කියපුව ඇත්තද කියල  add by-
අනේ පුතේ රිංගො මාමා

No comments:

Post a Comment

Popular Posts