ජීවිතේ සාහිත්‍ය දෙස පියනගන අතර වාරේ ගැලපුණු නොගැලපුණු පද සංකල්පනා ගෙනහැර පෑවෙමි
Saturday, May 23, 2015
Sunday, May 10, 2015
අනීතිය ද අයුක්තිය ද - ඉහ වහ ගිය රටේ යා
-කොණ්ඩකටුවකින් සීගිරි කැටපත් පවුරේ නම් දෙකක් ලීයූ වරදට දෙවසරක සිර දඩුවමකට යටත් කළ සින්නතම්බි උදේනි වෙනුවෙන්
ළමිස්සියක් සීගිරියේ මිනි මැරුවේ නැතේ යා
අවවාදයක් දඩයක් දෙන සුළු වරදක් කළේ යා
නීතිය ඉදිරියේ යුක්තිය වල් වැදුණේ කෙසේ යා
අවනඩු - ‘ඇපැල්‘ කවි - වස් කවි අධිකරණෙට වැදේයා
දුඹුරු කොමඩු ඇට - දත් වල හිනායා
නොමැත - නොකඩවා ඇය දැන් අඬායා
කොමඩු තීරු - දිග ඇස් අග තෙමේයා
තෙමෙත - එ‘ඇස් අම්මෙකු වාවතා යා
නිල් කට්රොල් - පෑ නළලේ ‘කරුප්පු‘ තිත තබායා
‘සිවප්පු‘ තිත තබන නැකත තෙක් දසැඟිලි ගනීයා
‘කල්යානම්‘ නැකතට පෙර සීගිරියේ ගියෝ යා
කරපු වරද මේ තරමට දරුණු මොකද කියෝ යා
රැකවල්ලෑ මුර භටයින් හැම දෙන බේරුණෝයා
කරපු වරද පිළිගත්තට කෙල්ලට වැරදුණෝ යා
සීගිරි ලලනා කෙල්ලොත් හෝ හෝ ගා අඬා යා
හිරගත යුවතිය ඉරණම ඉකි බිඳ බිඳ කියෝ යා
කොටපු කොටපු නම් ඔක්කොම - කීයක් තියෙනවාදෝ
ලියපු ලියපු ගාණට අය - කූඩු වලට ගියා දෝ
සනුහරයක ම අච්චුවකට - කෙල්ලව අහු වුණා දෝ
හිරේ ගිහින් ආවෝතින් - කළ පව් ගෙවෙනවාදෝ
අනීතිය ද අයුක්තිය ද - ඉහ වහ ගිය රටේ යා
මහනෙල් මල් - නටු කෙල්ලක - දඟ ගෙයකට අරෝ යා
මිටි තැනකින් - මහ වතුරක් දෙගොඩ තලා ගියේ යා
මේ ගැන පවුරේ ලියන්ඩ - ‘කොණ්ඩ කටුව‘ දියෝයා
* (කරුප්පු - කලු / සිවප්පු - රතු / කල්යානම් - සරණ මංගල්‍යය)
ළමිස්සියක් සීගිරියේ මිනි මැරුවේ නැතේ යා
අවවාදයක් දඩයක් දෙන සුළු වරදක් කළේ යා
නීතිය ඉදිරියේ යුක්තිය වල් වැදුණේ කෙසේ යා
අවනඩු - ‘ඇපැල්‘ කවි - වස් කවි අධිකරණෙට වැදේයා
දුඹුරු කොමඩු ඇට - දත් වල හිනායා
නොමැත - නොකඩවා ඇය දැන් අඬායා
කොමඩු තීරු - දිග ඇස් අග තෙමේයා
තෙමෙත - එ‘ඇස් අම්මෙකු වාවතා යා
නිල් කට්රොල් - පෑ නළලේ ‘කරුප්පු‘ තිත තබායා
‘සිවප්පු‘ තිත තබන නැකත තෙක් දසැඟිලි ගනීයා
‘කල්යානම්‘ නැකතට පෙර සීගිරියේ ගියෝ යා
කරපු වරද මේ තරමට දරුණු මොකද කියෝ යා
රැකවල්ලෑ මුර භටයින් හැම දෙන බේරුණෝයා
කරපු වරද පිළිගත්තට කෙල්ලට වැරදුණෝ යා
සීගිරි ලලනා කෙල්ලොත් හෝ හෝ ගා අඬා යා
හිරගත යුවතිය ඉරණම ඉකි බිඳ බිඳ කියෝ යා
කොටපු කොටපු නම් ඔක්කොම - කීයක් තියෙනවාදෝ
ලියපු ලියපු ගාණට අය - කූඩු වලට ගියා දෝ
සනුහරයක ම අච්චුවකට - කෙල්ලව අහු වුණා දෝ
හිරේ ගිහින් ආවෝතින් - කළ පව් ගෙවෙනවාදෝ
අනීතිය ද අයුක්තිය ද - ඉහ වහ ගිය රටේ යා
මහනෙල් මල් - නටු කෙල්ලක - දඟ ගෙයකට අරෝ යා
මිටි තැනකින් - මහ වතුරක් දෙගොඩ තලා ගියේ යා
මේ ගැන පවුරේ ලියන්ඩ - ‘කොණ්ඩ කටුව‘ දියෝයා
* (කරුප්පු - කලු / සිවප්පු - රතු / කල්යානම් - සරණ මංගල්‍යය)
Surekha Samarasena | සුරේඛා සමරසේන
බූන්දි, අඟහරුවාදා, මාර්තු 17, 2015 11:57:21
Subscribe to:
Comments (Atom)
Popular Posts
-
මගෙ අම්මව මට මඟහැරුණා... ඒ දුක මේ ආත්මයේදී ගෙවන්න බැහැ උපුල් ශාන්ත සන්නස්ගල උපුල්...
-
පසුගිය ජූනි මස 10 වෙනි දින “සිළුමිණෙහි” පළවූ අ. ආ. ගුණතිලකයන් විසින් රචිත “බසෙහි අනන්‍යතාව රැකෙන්නේ සාම්ප්‍රදායික ව්‍යාකරණය රැකෙන තාක් පමණය...
-
වයසක තාත්තා කෙනෙකුයි පුතෙකුයි කෝච්චියක ඉඳගෙන ඉන්නකොට ඊට ඉස්සරහෙන් කපල් එකක් වාඩි උනා. පුතාගේ වයස අවුරුදු 25ක් විතර ඇති. එයා වීදුරුව පැත්ත...
-
වංචාව දුෂණය අභියශ නපුරු ලෝකයේ හොද මිනිස්සු ඉන්නවා කියල මතක තියාගන්න
-
‘ඔය ටූත් බ්‍රෂ් එක දැන් මාසයක් විතර. කෙඳිත් එහෙට මෙහෙට වෙලා; පරණයි. අලූත් එකක් ගන්න; පරණ එකෙන් දත් මදින්න හොඳ නෑ.’ මව්පියෝ ද වෛද්යව...
-
ඉන්දියාව ම හඬවා යෂ් චොප්රා අවසන් ගමන් යයි මුම්බායි -ඒ.එෆ්.පි ඩෙංගු රෝගය වැළදිමෙන් පසු රෝහල්ගතව සිටියදී මිය ගිය ඉන්දීය සිනමාවේ සුප්‍රසිද...
-
ඩෙංගු මදුරුවන් මර්ධනය කිරීම සඳහා මේ වන විට පියවර රැසක් ක්‍රියාත්මක කරල තිබෙනවා. නමුත් එම ක්‍රියාමාර්ග කිසිවකින් බලාපොරොත්තු ව...
-
add by-Sinhala Lyrics - සිංහල ගී පද යසෝදරාවත කාරණාව බුදු වෙනවා ලකුනු දැනී නෑර කැටුව ආවා මම සරණ ගෙනේ භාවනාව තොර නොකරමි හිතින් අ...
-
සෙනෙහස උල්පත තරම් ළය සතපවලා මල්වඩම් පෙරහැරේ නුබ ගියේ අයි කතා නොකරම සුදුපාට වැටකෙයියා මල් රැන ඉගිලෙන්න දගලන තරු රැන නෙතු පියාම නුබ ඉ...
-
ලිබර්ටි ප්‍රතිමාවේ දබරැගිල්ලක දිග අඩි 8කි. චිලී රාජ්‍යයේ ඇටකාමා කාන්තාරයේ සමහරක් ප්‍රදේශ වලට කිසිම දිනෙක වැසි ඇද වැටී නැත. වයස අවුරුදු ...
