තවත් දෙයක් සාමාන්‍යයෙන්
කළු, සුදු සහ අළු පාට වෙනත් ඕනෑම වර්ණයක් සමඟ ගැලපෙනවා. මේවා හඳුන්වන්නේ
neutral colors ලෙස. ඔබේ ඇඳුමේ මූලික කොටස් මේ neutral colors වලට අයත් නම්
දීප්තිමත් වර්ණයක් තෝරාගන්න ඔබට හැකියාව තියනවා. උදාහරණයක් විදියට කළු
කබායක් සහ කලිසමකට සුදු කමිසයක් සහ රතු ටයි පටියක් ගැලපෙනවා.
මී ළඟට ඔබේ සමේ වර්ණය වැදගත්. ඔබේ සමේ වර්ණය අඳුරු නම් ලා පැහැති දීප්තිමත් වර්ණයක් තෝරාගැනීම වඩාත් සුදුසුයි. ඔබ ගොඩක් සුදුයි නම් ඉතාමත් අඳුරු වර්ණ වලට නොයා ලා පැහැති සහ මඳක් තද පැහැති වර්ණ තෝරා ගැනීම සුදුසුයි. සාමාන්‍යයෙන් සුදු කමිස හෝ ටී ෂර්ට් ඕනෑම වර්ණයක් සමඟ හොඳින් ගැලපෙනවා.
කලිසම් තෝරන විට ඉතාත්ම වර්ණවත් කලිසම් තේරීමෙන් වලකින්න. ඇඳුමක ඇස යායුත්තේ කලිසමට නෙමේ. කලිසම් සඳහා neutral colors හෝ තද නිල්, කාකි වැනි අඳුරු පැහැයට බර වර්ණ පමණක් තෝරාගන්න නිතරම උත්සාහ කරන්න.
ඒ වගේම දේශගුනය අනුව වර්ණ තෝරාගැනීමත් වැදගත්. දවසේ උෂ්නත්වය ඉතාමත් අධික නම් සුදු හෝ ලා වර්ණ ඇඟලා සිටීම ඔබේ දෛනික වැඩකටයුතු වලදී වඩාත් පහසුවක් වේවි.

No comments:
Post a Comment