ජීවිතේ සාහිත්ය දෙස පියනගන අතර වාරේ ගැලපුණු නොගැලපුණු පද සංකල්පනා ගෙනහැර පෑවෙමි
Friday, January 25, 2013
Tuesday, January 22, 2013
අපේ රට අනිත් රවල් වලට වඩා වෙනස් .අපේ ගුණය සැමදා තිබෙවා .......
අපේ රට අනිත් රවල් වලට වඩා වෙනස් .අපේ ගුණය සැමදා තිබෙවා ....
...
ඒයි මේ බලපල්ලා..
ඒයි මේ බලපල්ලා, වෙනත් ආගමිකයො තමන්ලගෙ ආගමික මධ්යස්ථාන වලට ගිහිල්ලා ආගම පිළිපදිනවා. එදාට තම වර්ගයාගේ දියුණුව ගැන කතා කරනවා.
ඒත් සමහරක් සිංහලයො (හැමෝම නොවෙයි ) තම දරුවන්ට වියදම් කරන්න තියෙන අතේ
මිටේ ඉතිරියත් වියදම් කරමින් පෝය දාටත් කන් පාත් වෙන්න බීල තියෙන පුරුස
සක්තියත් නැති කරගන්නවා, එදා රෑට ගෙදර ගෑණි ගුටි කාල කඳුළු බීල නිදා
ගන්නවා...උන්ගෙ දරුවො එලිවෙනකම් හාමතේ වෙවුලනවා....
ඉතින් කොහොමද
යකෝ සිංහල ජාතිය රැක ගන්නෙ. උඹලට සිංහල ජාතිය රැක ගන්න ඕනැනම්, මුලින්ම
උඹලට නෑදෑ වෙන බේබද්දො ඉන්නවනම් හොඳින් හෝ නරකින් උන්ගේ මත්වතුර බීම
නවතපල්ලා...!!!
මෙය යාළුවන් සමගත් බෙදා ගන්න ගමන් ඔබේ කාලයෙන් මොහොතක් ගතකොට අපේ පේජ් එකට ලයික් එකක් දමන්නත් කාරුණික වන්න
wijaya pariganaka
http://magazinedown.info/sinhalaelibrary.com/vijaya%20magazine/vijaya%2012%202.pdf
Thursday, January 3, 2013
Tuesday, January 1, 2013
Monday, December 31, 2012
Saturday, December 29, 2012
Tuesday, December 25, 2012
Monday, November 5, 2012
වසර 6 ක් පුරා තම ස්වාමියාගේ සොහොන්කොත අසල තනි රකින Capitan..
විල්ලා කාලෝස් පැස් නගරය පිහිටා ඇත්තේ, ආජන්ටිනාවේ මධ්යම ප්රදේශයට වන්නටය. එහි පිහිටි සොහොන්බිම වෙත යන ඕනෑම අයකුගේ නෙත ගැටෙන දර්ශනයක් තිබේ. ඒ සොහොන් කොතක් ආරක්ෂා කරමින් ඒ මත නිදා සිටින, ඒ අසල ගැවසෙන සුනඛයකුගේ දර්ශනයයි. මියගිය තම ස්වාමියා වෙනුවෙන් කෘතගුණ දක්වන මේ සුනඛයා, නමින් “කැපිටන්” ය.
කැපිටන් මේ සොහොන් කොත ආරක්ෂා කරන්නේ අද ඊයේක සිට නොවේ.
2006 වසරේ සිට පුරා වසර 6 ක් කැපිටන් තම ස්වාමියාගේ සොහොන් කොත ආරක්ෂා කරයි. කැපිටන් යනු ජර්මන් ෂෙපර්ඩ් වර්ගයට අයත් සුනඛයෙකි.
මිගෙල් ගැස්මන් නම් පුද්ගලයා 2005 වසරේදී කැපිටන් රැගෙනවිත් ඇත්තේ, සිය ආදරණීය පුතණුවන්ගේ 13 වැනි උපන් දිනයේ ත්යාගය ලෙසයි. ඒ අනුව කැපිටන්ගේ සැබෑ ස්වාමියා වන්නේ, මිගෙල්ගේ පුත්රයා වන ඩේමියන් වුණත් සුනඛයා තම බැඳීම පවත්වාගෙන ගොස් ඇත්තේ මිගෙල් සමඟිනි.
එහෙත්, 2006 වසරේ මාර්තු මාසයේ දී මිගෙල් හදිසියේ මිය යන්නේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ අයුරිනි. මිගෙල්ගේ අවසන් කටයුතු පවුලේ ඥාතීන්ගේ සහභාගිත්වයෙන් විල්ලා කාලොස් පැස් සොහොන් බිමේදී සිදුවිය. පවුලේ ඥාතීන්ට එම කටයුතු සඳහා එක්වීමට අවස්ථාව හිමිවුණ ද මිගෙල්ගේ ආදරණීය සුනඛයාට එම අවස්ථාවට සහභාගි වීමට හැකියාවක් ලැබී තිබුණේ නැත. අවසන් කටයුතු නිමා වී නිවෙස වෙත පැමිණි මිගෙල්ගේ ඥාතීන්ට දක්නට ලැබුණේ කැපිටන් නිවෙසේ නොමැති බවයි.
“අපි කැපිටන්ව හැම තැනම හෙව්වා. ඒත් හොයාගන්න බැරිවුණා. එයා අතුරුදන් වෙලා. අන්තිමට අපි හිතුවේ එයා වාහනයකටවත් යටවෙලා මැරෙන්න ඇති කියලා.”
සිද්ධිය පිළිබඳ අදහස් දක්වමින් මිගෙල්ගේ බිරිය වන වෙරෝනිකා කියයි.
“නමුත් අපි ඊළඟ සුමානේ කනත්තට යනකොට කැපිටන් එහි සිටියා. එයාව අඳුරගත්තේ ඩේමියන් පුතා. කැපිටන් අපි ළඟට ඇවිත් බිරුවා. ඒක ඇත්තටම වැලපීමක්. හරියට අඬනවා වගෙයි අපිට දැනුණේ” වෙරෝනිකා වැඩිදුරටත් පවසයි. කිසිදු අවස්ථාවක සොහොන් බිම වෙත කැපිටන් රැගෙන නො ආ බව පවසන වෙරෝනිකා ඔහු සොහොන් බිම සොයාගත් ආකාරය පිළිබඳ ද විස්මයට පත්ව සිටී.”
“අපි කවදාවත්ම කැපිටන් එහාට ගෙනිහින් නැහැ. කැපිටන් ඒ තැන හොයාගත්තා කියන එක හරිම පුදුමයි. අපි ඊළඟ සුමානේ යනකොටත් කැපිටන් සොහොන් කොත ළඟ හිටියා. ඒ සැරේ නම් එයා අපි ළඟට ඇවිත්, ටික වේලාවක් කාලය ගත කළා. අපි ආයේ ගෙදර එනකොට කැපිටන් අපි එක්කම ආවා. හැබැයි කළුවර වැටීගෙන එනකොට එයා ආයෙත් කනත්තට ගියා” වෙරෝනිකා කියයි. “මම හිතන්නේ කැපිටන් කැමති නැහැ මිගෙල්ව රෑ යාමේ තනියම තියන්න” වෙරෝනිකා වැඩිදුරටත් කියා සිටී.
තම ස්වාමියාගේ සොහොන් කොත ආරක්ෂා කරන මේ අපූරු සුනඛයා කනත්තේ බලධාරීන්ට දැන් සුපුරුදු දසුනක් වී තිබේ. සුනඛයාගේ පළමු පැමිණීම එහි අධ්යක්ෂ හෙක්ටර් බෙකාගා සිහිපත් කරන්නේ මෙලෙසිනි.
“දවසක් එකපාරට මේ බල්ලා ආවා. එයත් එක්ක කවුරුත් හිටියෙත් නෑ. තනියමයි ඇවිත් තිබුණේ. එයා මුළු කනත්ත පුරාම ඇවිද්දා. හරියට මොනව හරි හොයන්න ඇවිදිනවා වගේ. පස්සේ එයා එක තැනක නැවතුණා. ඒ එයාගේ ස්වාමියාගේ සොහොන් කොත. දවල් කාලෙට එයා සොහොන් බිම පුරා ඇවිදිනවා. හැබැයි පුළුවන් ඉක්මනට එයා ආයෙත් සොහොන් කොත ළඟට එනවා. ඒ වගේම හැමදාම සවස 6 වෙනකොට එයා ඒ සොහොන් කොත මත වැතිරෙනවා.
රෑ එළිවෙනකන්ම එයා ඉන්නේ එහෙමයි” හෙක්ටර් සඳහන් කරයි. තම ස්වාමියා වෙනුවෙන් යුතුකම් ඉටුකරන මේ සුනඛයා, කනත්තේ කාර්ය මණ්ඩලයේද සිත් දිනාගෙන සිටී. ඒ නිසාම කැපිටන් හට දැන් ආහාරපාන ලබා දෙන්නේ කනත්තේ කාර්ය මණ්ඩලයයි. සොහොන් කොත ළඟ රැඳී සිටින මේ සුරතලා දැන් එම කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ සුරතලකු බවට පත්ව සිටී. කෙසේවෙතත් සුනඛයාගෙන් කිසිවකුටත් අවැඩක් නොවීමට කැපිටන් යළි නිවෙස වෙත ගෙන යාමට අවස්ථා කිහිපයකදීම ඩේමියන් උත්සාහ දරා තිබිණි. එහෙත් ඔහුගේ එම උත්සාහයන් සාර්ථක වී නොතිබිණි.
“මම අවස්ථා ගණනාවක්ම උත්සාහ කළා කැපිටන්ව ගෙදර ගේන්න. ඒ ගෙනාවත් එයා කෙළින්ම ආපහු යන්නේ කනත්තට. මට හිතෙන්නේ එයා මැරෙනකන්ම සොහොන ළඟ ඉඳියි. ඇත්තටම එයා තමයි දැන් මගේ තාත්තව බලාගන්නේ” ඩේමියන් කියයි. සැබවින්ම එය සංවේදී කතාවකි. මිනිසුන්ව මිනිසුන් අත්හැර යන සමාජයක මියගිය මිනිසකු වෙනුවෙන් යුතුකම් ඉටුකරන සුනඛයකු සමාජයට ලබා දෙන්නේ සුවිශේෂ වූ පණිවිඩයකි. සතුන් අතරින් මිනිසාගේ පරම මිත්රයා ලෙස සුනඛයා සැලකෙන්නේ ද, මෙවැනි වූ අසීමිත කෙළෙහිගුණයක්, දයාවක්, ආදරයක් තම ස්වාමියන් වෙත දක්වන නිසාය.
ඕනෑම අයකු වඩාත් වැඩියෙන් ආදරය කරන්නේ තම ජීවිතයට ය. එහෙත්, සුනඛයන් පිළිබඳ කතා කිරීමේදී ඇතැම් සත්වවේදීන් පළකරන්නේ වෙනස් මතයකි. එනම් සුනඛයා යනු තම ජීවිතයටත් වඩා තම ස්වාමියාට ආදරය කරන සත්ව කොට්ඨාසයක් ලෙසිනි. ඒ මතය තහවුරු කරන්නට කැපිටන් සමත්ව සිටී.
උපුටා ගැනීම : දිනමිණ සිතිජය අතිරේකය මඟිනි..

Subscribe to:
Posts (Atom)
Popular Posts
-
ඔන්න එකෝමත් එක කාලෙක දෙවිවරුන්ගේ රජ්ජුරුවෝ විදිහට ඉන්න සියුස් දෙවියෝ මෙටිස් (Metis) කියලා කුමාරිකාවක් සරණ පාවා ගන්නවා. මෙටිස් කුමාරිය ක...
-
ඔබ ඉන්නේ කොළඹ ජනාකීර්ණ ස්ථානයක නම් ඔබ දන්නවාද, ඔබව නිරීක්ෂණයට ලක්වන බව? පහත තියෙන වීඩියෝව නරඹල ඒ ගැන දැනුවත් වෙන්න.
-
උපුල් ශාන්ත සන්නස්ගල මේ රටේ ජනප්රිය උසස් පෙළ සිංහල ගුරුවරයකු බව අවිවාදිත කරුණකි. එසේම විදග්ධ සංස්කෘතිය යනු කුමක්දැයි යන විනිශ්චයේ ...
-
වයසක තාත්තා කෙනෙකුයි පුතෙකුයි කෝච්චියක ඉඳගෙන ඉන්නකොට ඊට ඉස්සරහෙන් කපල් එකක් වාඩි උනා. පුතාගේ වයස අවුරුදු 25ක් විතර ඇති. එයා වීදුරුව පැත්ත...
-
"සිංහල" අපේ මවු භාෂාව..ඔබත් සිංහල කතා කරන්න ලැජ්ජයිද? කිසිම දේකට සිංහල කතාකරන්න ලැජ්ජවෙන්න එපා... මේක සිංහල රට මේ සිංහල රටේ සිංහ...