Twitter Bird Gadget

Sunday, May 10, 2015

අනීතිය ද අයුක්තිය ද - ඉහ වහ ගිය රටේ යා

-කොණ්ඩකටුවකින් සීගිරි කැටපත් පවුරේ නම් දෙකක් ලීයූ වරදට දෙවසරක සිර දඩුවමකට යටත් කළ සින්නතම්බි උදේනි වෙනුවෙන්

ළමිස්සියක් සීගිරියේ මිනි මැරුවේ නැතේ යා
අවවාදයක් දඩයක් දෙන සුළු වරදක් කළේ යා
නීතිය ඉදිරියේ යුක්තිය වල් වැදුණේ කෙසේ යා
අවනඩු - ‘ඇපැල්‘ කවි - වස් කවි අධිකරණෙට වැදේයා

දුඹුරු කොමඩු ඇට - දත් වල හිනායා
නොමැත - නොකඩවා ඇය දැන් අඬායා
කොමඩු තීරු - දිග ඇස් අග තෙමේයා
තෙමෙත - එ‘ඇස් අම්මෙකු වාවතා යා

නිල් කට්රොල් - පෑ නළලේ ‘කරුප්පු‘ තිත තබායා
‘සිවප්පු‘ තිත තබන නැකත තෙක් දසැඟිලි ගනීයා
‘කල්‍යානම්‘ නැකතට පෙර සීගිරියේ ගියෝ යා
කරපු වරද මේ තරමට දරුණු මොකද කියෝ යා

රැකවල්ලෑ මුර භටයින් හැම දෙන බේරුණෝයා
කරපු වරද පිළිගත්තට කෙල්ලට වැරදුණෝ යා
සීගිරි ලලනා කෙල්ලොත් හෝ හෝ ගා අඬා යා
හිරගත යුවතිය ඉරණම ඉකි බිඳ බිඳ කියෝ යා

කොටපු කොටපු නම් ඔක්කොම - කීයක් තියෙනවාදෝ
ලියපු ලියපු ගාණට අය - කූඩු වලට ගියා දෝ
සනුහරයක ම අච්චුවකට - කෙල්ලව අහු වුණා දෝ
හිරේ ගිහින් ආවෝතින් - කළ පව් ගෙවෙනවාදෝ

අනීතිය ද අයුක්තිය ද - ඉහ වහ ගිය රටේ යා
මහ‍නෙල් මල් - නටු කෙල්ලක - දඟ ගෙයකට අරෝ යා
මිටි තැනකින් - මහ වතුරක් දෙගොඩ තලා ගියේ යා
මේ ගැන පවුරේ ලියන්ඩ - ‘කොණ්ඩ කටුව‘ දියෝයා

* (කරුප්පු - කලු / සිවප්පු - රතු / කල්‍යානම් - සරණ මංගල්‍යය) 

Surekha Samarasena | සුරේඛා සමරසේන
බූන්දි, අඟහරුවාදා, මාර්තු 17, 2015 11:57:21

Wednesday, April 22, 2015

රෝස මල් ලස්සන වුනාට ලේ පාටයි.



හිරු නැගගෙන්න හොරා දෙක තුනකට පෙර හීනියට පෙර හීනියට වැටෙන පොද වැස්ස නැව්ම් බවක් වගේම ගුප්ත් බවක්ද රැගෙන එනවා.ලස්සන රතු රෝස මල් ලස්සන වුනාට ලේ පාටයි. ලේ පට රෝසමල් වලට පිණිවටිලා ඈතට ලේ ගුලි වගේ දිලිසෙනවා.
කහවත්ත කොටකෙතනට තුරු ඉස්මත්තෙන් යන්තමට හිරු එලිය වැටීගෙන ආවේ ගමක්ම මල ගෙයක් බවට පත් කරගෙනය.ෆේස්බුකියේ නිතර සැරිසරන බොහෝ දෙනෙක් දන්න බොහෝදෙනෙක් නොදන්නා පුද්ගලයෙක් ඔහුගේ ගිණුමේ "අම්මා ද වටින්නේ පෙම් වතියද වටින්නේ ?දමු බලන්න කොමෙන්ට් "කියා පළකර ඇත.සියලු දෙනාම මෙන් කොමෙන්ට් කර තිබුනේ "අම්මා" යනුවෙනි.උදේ 7 පමණ ප්‍රසිද්ද ගිරව් Fm නාලිකාවක "කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ 18 හැවිරිදි තම දෙවැනි දරුවා විසින් තම මව ඝාතනය කර ඇත."යනුවෙන් කියනු ලැබිය.සමාජය පිරිහිලා කියන්නේ නිකන්ද.අද තරුණ පරපුරට කිසි දෙමාපිය හැගීමක් නැත.බොහෝ උදවිය කියනු ඇසෙ.එය ඇත්ත ය.එහෙත් තරුණ පරපුර අපේ සංස්කෘතිය අත්හැර ඔවුන් නව සංස්කෘතිය පසුපස හබා යාම සාධාරණය.මෙය බොහෝ උගත් පණ්ඩිතයන්ට නොතේරේ.රටක් දියුණු වෙනවනම් භව්තිකව දියුණු වීම පමණක් මදිය,සමාජය තුල උසස් මානසික මට්ටමක් තිබිය යුතුය.ශ්‍රී ලංකික අප කැලෙන් එලියට ඇවිත් වනචාරී ගති තුරන් කර බොහෝකල් වුවත් තාමත් කුණු රසට අසාකරන්නන් බොහෝ ඇත.මල් තලා රොන් ගන්නේ මන්ද,මල නොතලා රොන් ගන්න බැරිද?.දබදෙණි යුගයේ ධර්මසේන හිමි කියූ බණ කතා උදේහවා පන්සල්වල කිවුවත් පිළිපදින කෙනෙක් නැත.විලාසිතාවට ආගම අදහන්නන් බොහෝ ඇත."ආදරේ උල්පත වූ අම්මා"කියා කිව්වේ වික්ටර් රත්නායකන්,"ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්තයි" නන්දා මලනියන්.මේවා ඇත්ත ද කියලා හිතාගන්න බැරිව හිත හිත ඉන්නකොට ඉහත සිද්ධියෙන් දින තුනකට පසුව ඉරිදා ප්‍රසිද්ද පුවත් පතක ප්‍රධාන කොටසේ කළුපාට ලොකු අකුරින් "කොටකෙතන චන්ද්‍රනිගේ පුත්‍රයා පොලිසියට කියයි."යනිවෙන් තිබෙනවා.මම එය කියවන්න අතට ගන්නවා.ඒ අසවකින් නොව දරුණු මුර්ගයගේ කතාව දන ගැනීමේ කුතුහලෙනි.ඒ ලිපියේ රතුපාට පොඩි අකුරෙන් "මම යාළුවෙලා ඉන්න කෙල්ල මගේ බර්ත්ඩේ එකට ලස්සන රතු රෝස මලක් දුන්නා.ඒ රෝස මල කෘතිමව හදාපු එකක්.එක විදුරු පෙට්ටියක දාලා තිබුණේ.මගේ ගර්ල් ෆෙන්ඩ්ට එයාගේ බර්ත්ඩේ එකට මුකුත් තෑග්ගක් දෙන්න මට බැරිව ගියා. ඒ හින්ද අලුත් අවුරුද්දට වටින තෑග්ගක් දෙන්න ඕනෑ කියා ම කල්පනා කළා.එදා වටිනා තෑග්ගක් ගන්න මට සල්ලි නැහැ.මම අම්මාගෙන්  රු 1500ක් ඉල්ලුවා.අම්මා දුන්නේ නැහැ.සල්ලි දුන්නේ නැතිනිසා අම්මා එක්ක මගේ හිතේ ලොකු තරහක් තිබුනා.එක හන්දා මම සල්ලි ඉල්ලලා රණ්ඩු කළා.මගේ ළඟ තිබුණු පිහියෙන් අම්මට ගැහුවා.අම්මාගේ වම් අතේ බල නහරේ කැපුනා .අම්මා එතනම ඇදගෙන වැටුනා " යනුවෙන් තවත් බොහෝදේ ඔහු ගේ පපොච්ච්රණයේ සදහන්  විය.
ආදරේ උල්පතවූ අම්මා පිහියෙන් ගසා මරා දමන්න තරම්න් ප්‍රේමයෙන් උමතු වුවෙකු අසා ද දැකද  නැතෙමි.ආදරේ ඉගැන්නුවේ අම්මා කියලා ඉස්සර පඩිවරු කියල තියෙනවා. තිස්තුන් කෝටියක් දෙවිවරු සිටියත් ඔවුන් මිනිසුන්ගේ පිං ලැබුවත් දෙකෝටියක් පමණ අප රටේ එක් පුද්ගලයෙකකුට දෙවිවරු හතක්වත් සිටිය යතුය.එහෙත් එක දෙවිකෙනෙක්වත් ඇහැක් ඇර බැලුවේ නැතේ ඇයි මට හිතෙනවා.මං හිතන්නේ දෙවිවරු කියල ජාතියක් නැතිව ඇති.නැත්තම් දෙවිවරුන්ට පිං මැදිවෙලා ඇති.මේ දෙකෙන් එකක් වෙලා තියෙනවා.ඉර එලිය හරස් අතට පායලා දැන් කෙලින් අතට උඩඉදන් පහලට වැටිලා කස්ටක පොළොව උඩට වෙ වෙරියෙන් වගේ වැටිලා තියෙනවා.බලන්න බැරි ඉර එලිය ඇස් දෙකට කදුළු ගෙනවා .ලෝකය පිළිබද සුන්දර හැගීම් සියල්ලක්ම දියවී යමින් පවතී.බලාපොරොත්තු බිදවැටීම තරම් තවත් නැත යන්න සිතන්න තවත් බොහෝ ඇත.එහෙත් එක බලාපොරොත්තුවක් කඩවුවහොත් තවත් බලාපොරොත්තුවක් ඇති කරගත යුතුනොවේද යන්න මට හිතෙනවා.ඔහු දෙවියන් ඉදිරියේ කමා කරගන්න බැරි වරදක් සිදුකර අවසන්ය.ඔහුට නීතියෙන් දඩුවම් ලැබුණත් ඊටත් වඩා දරුණුම දඩුවම ස්වභා දහමෙන් දී අවසන්ය.ඒ ඔහු මැරෙන තුරා සිතින් විදවීමයි.මෙය රෝමියෝ ජුලියට් පෙම් පුවත නොව,සාලිය අශෝක මාලා පෙම් පුවත ද නොව ,මෙය කොටකෙතන ප්‍රෙදේශයේ වනචාරී ප්‍රේමයකි.


මුළු ලෝකයම තම පෙම්වතියි,මුළු ලෝකයම තම පෙම්වතයි සිතු පුද්ගලයන් ප්‍රේම සත්වයන් මෙන් සැරිසරති.එහෙත් ඇසින් දුටුවත් කනින් ඇසුවත් අදහාගත නොහැකිය. එරබදු මල්වල ලේ තැවරිලා වගේ රතුපටට පිපිලා තියෙනවා.කොහා කෑ ගහන්නේ නැත්තේ මේ අවුරුද්ද එපවෙලද දන්නේ නැ.සදාකල් හිතේ තෙරෙපෙන වේදනාව දුක බෝම්බයක් ගහලා විනාශ කරන්න ඇත්නම් කියා ඔහුට හිතෙනවා ඇති.අවසන්වරට කියන්න තියන්නේ "ප්‍රේමය ලොව හැම තැනම ඇතී,හැම දෙනාටම හමුවෙලා ඇති,එනමුදු ප්‍රේමය කිමැයි කියා ,හදුනාගත් කිසිකෙනෙකු නැති,"යනුවෙනි.මෙහෙම කිවුවේ චන්දන ලියනාරච්චි ගායකයත් ගී පද රචකයත් ප්‍රේමය එක එක විදියට විග්‍රහා කළා.තමන් තමන්ට ගැලපෙන පරිදි විග්‍රහා කරගන්න කියලා මං යෝජනා කරනවා.

Saturday, April 4, 2015

තිබහට බොන්නේ මොනවද කියලා

මෙන්න බලන්න යාළුවනේ ඔයාලා අපි බස් එකේ, කෝච්චියේ යනකොට හැදෙන තිබහට බොන්නේ මොනවද කියලා. මොවුන් කරන්නේ හෝටල් වල රේස්‍ටුරන්ට් වල සුද්දෝ බීලා විසිකරන හිස් වතුර බෝතල් අරගෙන මේගොල්ලොම පාරේ ටැප් එකෙන් වතුර පුරවලා මුඩියට සීලුත් ගහලා අළුත් බෝතල් වගේ විකුණ එකයි. 

කොළඹ, කළුතර, මාතර වගේ ගොඩාක් ස්ථාන වල මේ ජාවාරම ජයටම කෙරෙනවා. P.H.I මහත්තුරුන්ට මෙවා ගැන හොයන්න වෙලාවක් නැතුව ඇති නේද. බොතල් කල පානීය ජල බොතලයක් (500 ml) Rs. 35 කට වෙළද සැල් වල විකුණන අතර මොවුන් අලෙවි කරනු ලබන්නේ Rs. 50 වැනි මුදලකටයි.

එසේම පිරිසිදු කම ගැන නොසිතන මොවුන් බෝතල් ශීත කිරිම සදහා නියමිත ක්‍රම වේදයක් නොතිබීමට පුළුවන්. මාළු මුදලාලිලගේ හෝ මස් වෙළඳුන්ගේ ශීත කාමර වල පවා ජල බෝතල් ශීත කිරිමට යොදාගන්නව විය හැකියි.

මෙම පින්තූරනම් ඉන්දියාවේ ඒවා වගේ. නමුත් ශ්‍රී ලංකාවේ අගනගර වල බස් වල වෙළෙන්දන් ගැන දන්නා උදවිය ට මේ ගැන අළුතෙන් කීමට අවශ්‍ය නැහැ. එසේම කඩෙන් ගන්නා බෝතල් වතුර වල රසයත්, බස් වෙළෙන්දන්ගෙන් මිලට ගන්නා බෝතල් වතුර වල (අමි)රසයේත් වෙනස ඔබට හොඳට මතක ඇති.

වෙළඳාමක් කරගෙන කීයක් හරි සොයාගන්නා වෙළෙන්දන්ගේ බඩට ගහන්නට අපිට වුවමනා නෑ. නමුත් ඔබගේ බඩට මොනවා හරි වුණ විට ඔබ වෙනුවෙන් ඔය වෙළඳුන් කවුරුවත් පෙනී සිටින්නේත් නැහැ. එනිසා නගරබද ආහාර ගැන P.H.I මහත්වරු සැලකිළිමත් වෙනවා මෙන්ම, විශ්වාසවන්ත තැනකින් පමණක් ආහාර ගැනීම ඔබෙත් වගකීමක්.

ජලය හරහා බෝ වෙන හෙපටයිටීස් පාචනය කොළරාව වැනි රෝග බහුල මේ වැසි කාලයේ මේ පණිවිඩය ඔබ වෙත ගෙන ආවේ සහෘද ඔබව අපට ඉතාමත් වැදගත් නිසයි.

මූලාශ්‍රය: Harsha Gunasekara

Wednesday, April 1, 2015

බාදුරා පෙම් මලක සරදම්

නිහඩ පැතුමට සිත හිරවෙලා
ඈ  හා සිහිනේ මා තනිවෙලා
රහසේ දැවටෙනා පෙම් පහසේ ලංවෙලා
ඒ පහස නැළවෙනා පෙම් පහස අයෙ සිහිවුනා

බාදුරා පෙම් මලක සරදම්
දැවෙනවා සේ දුකක් මෙතරම්
බොදකර සිහින කදුළු මල්
සිත පාරලා සැගවී ගිය රහසේ

මිලාන පෙම් හීනගානේ ඔයා නැවතිලා
සාරා සඳට රෝස පෙති මැලවිලා
හඬන පෙම් හිතට කදුළු හුරුවෙලා
අපේ පෙම් කතා මතක ගොඩක් වෙලා 

Saturday, January 17, 2015

නෙතු පියාම නුබ ඉන්නේ හැමදාම

සෙනෙහස උල්පත තරම්
ළය සතපවලා
මල්වඩම් පෙරහැරේ
නුබ ගියේ අයි
කතා නොකරම

සුදුපාට වැටකෙයියා මල් රැන
ඉගිලෙන්න දගලන තරු රැන
නෙතු පියාම නුබ ඉන්නේ හැමදාම
මග බලයි ගොළු සුළග විදිමින්ම

නාගස් සෙවනේ           නිදියම
සීතලද මගේ පන         බිමතම
අරලිය මල් වැටිලා වල   උඩට
හරි ලස්සනයි බලන්න අද  රැට

Sunday, October 5, 2014

වසන්තය එනවා සත්තයි කුමාරි.

ආඩම්බර සිහිනේ තවමත් මග එනවා
පෙරුම්පුරගෙන ආවා වගේ
තනිකම හිතෙන හැම මොහොතම කදුළු උනනවා
අහස් නිල්ලේ නලියන තරුකැට වාගේ

මන්දාරම් අහස වසාගෙන ආ සද  එළියෙන්
මුකුළු පාපා කොමල කතා කියනවා
සදට සද එළියෙන් වසන්තය අහනවා
වසන්තය එනවා සත්තයි කුමාරි.

මීදුම අතරින් එබී බලන්න අසයි
මලට පිණි වැටිලා සීතලෙන් ගුලි වෙලා
සිහින පොඩි බැද හිමිදිරියේ එන්නම්
රෝස මල් අතුරා රිදී යහන තනනවානම් .

......ප්‍රමෝද් කැස්ටල් .......

Tuesday, August 26, 2014

හීගඩු පිපෙන සීතලේ -මතකය නොමරා ඔබ ඉන්න.

හද ඉකි බිදිනා මහා අනෝරාවේ 
නෙතුපිය කදුලින් තෙත්වන විට 
අපේ සබද කම් සිහිවේ අදත් එදා මෙන් 
නුබේ සුවද මට තාම දැනේ 

යෞවනයේ සුසුම් තෙමන්න බැරි හින්දා 
තෙමුනා නුබ මා සමගින් මධු වැස්සේ 
ඇයි මෙතරම් ලං වුනේ හිතටම 
වෙන් වෙන්න නොහැකි තරමටම 

පෙම්වතියක් නම් -
               අතගැලි ඔච්චම් කරන්න තිබුනා.
නීල තරු කැකුළු වලට -
                නෙතට නෙත තියන් ඉන්න තිබුනා.
අපේ මිතුදම් -
              සෙවනැලි පාවෙයි නිල දිය මත.
මල් තුහින ඉසින -
              හීගඩු පිපෙන සීතලේ -
           මතකය නොමරා ඔබ ඉන්න. 

........(ප්‍රමෝද් කැස්ටල්).........

Monday, July 21, 2014

දුක් යායට සිසිලස දැනුනා ............

පිනි වැස්සක් වැටිලා
දුක් යායට සිසිලස දැනුනා
සoසරේම අමතක කෙරුවා
සිත් අහසේම මතකය රැදිලා

නුබ අයෙත් ලං වෙන්න එපා
මන් ගාව ඉඩ දෙන්නෙම නැ
විහග ගීතය නිහඩ නැ දැන්
සියතුන් ලෙසින් පියබා ගියා හිත.

සිතිජ මායිමේ ඉගිබිගි පැවේ පෙරදින
නුබ නැ අවේ සැදෑ කලක.
ඔබ ම අමතක කල බව දැනුණා
සිත්තම් කල සිතුවම මැකුවා

 ......ප්‍රමෝද් කැස්ටල්....... 

Saturday, July 5, 2014

සිත්තම් කර යන්න එපා ඉගිල්ලිලා

හිත අහසේ කවි ලියන්න 
ගෙත්තම් වුනු නුබේ රූපය මකා යන්න 
සිත්තම් කර යන්න එපා ඉගිල්ලිලා 
උණු කදුලින් සිතුවම් දිය කරන්න 

ඔබට සිහිවෙන්නේ ඔහුමයි 
ඔබට වද දෙන්නේ මමලු 
හදට සුව දෙන්නේ මධු විතයි 
පෙමට පිටුපැවා ඔබ දැන් 

සිහිනයක්ම වෙලා ගියා -
හිතාගන්න බැරි විදියට 
නුබ අද එතැයි හෙට  එතැයි සිටියත් මං-
මල මිලිනව පෙති ගිලිහෙන බව නොදන්නවා නොවේ

මහා වැස්සක් වැහැලා ගියා 
පුරා සදක් පායා ඇවිත් 
නුබ පමණයි මගේ ලෝකෙට අඩු -
මැවූ සිහින එළි කරන්න 

........ප්‍රමෝද් කැස්ටල්...........

Popular Posts