Twitter Bird Gadget

Wednesday, October 24, 2012

ඉන්දියාව ම හඬවා යෂ් චොප්රා අවසන් ගමන් යයි

ඉන්දියාව ම හඬවා යෂ් චොප්රා අවසන් ගමන් යයි


මුම්බායි -ඒ.එෆ්.පි

ඩෙංගු රෝගය වැළදිමෙන් පසු රෝහල්ගතව සිටියදී මිය ගිය ඉන්දීය සිනමාවේ සුප්‍රසිද්ධ සිනමාකරු යාෂ් චොප්රා ගේ ආදාහනෝත්සවය පෙරේදා මුම්බායි හිදී සිදු කෙරුණේ අමිතාබ් බච්චන් , ෂාරුක්ඛාන් ඇතුළු බොලිවුඩ් සිනමා නළු නිළියන් සහිත විශාල පිරිසකගේ සහභාගිත්වයෙනි.

මිය යන විට 80 වැනි වියේ පසුවූ ඔහු ගේ දේහය ආදාහනෝත්සවයට ‍පූර්වයෙන් ඔහුගේ චිත්‍රාගාරයේ තැන්පත් කර තිබුණේ ජනතාවට අවසන් ගෞරව පිදිමට අවස්ථාවක් සලසමිනි.

මුම්බායි මිරර් හා මිඩ්ඩේ පුවත්පත්වල මුල් පිටුවලින් ම චොප්රාට උපහාර දක්වා තිබිණ. ඉනිදියන් එක්ස්ප්‍රස් පුවත්පත මේ සිහින නිර්මාපකයා හඳුන්වා තිබුණේ බොලිවුඩ් හි ඉතාමත් සාර්ථක ව්‍යාපාරිකයකු ලෙසය.

ඔහු 44 වසරක කාලයක් සිනමා ලොවේ කටයුතු කර තිබිණ. මෑතකදී සිය දියණිය අහිමි වූ ගීත ලොවේ ‍කෝකිලාවියක ලෙස සැලකෙන ආෂා බොෂ්ලේ 'තම දියණිය ගේ වියෝවෙන් හටගත් ශෝකය තුනී වීමටත් මත්තෙන් සොයුරු චොප්රා අපහැර ගියා'යැයි කීවේ ඔහු පවුලේ අයකු ලෙස සලකමිනි.

අගමැති මන්මෝහන් සිං ද ඉකුත් ඉරිදා ඔහුගේ දේහයට අවසන් බුහුමන් දක්වා තිබිණ. අගමැතිවරයා කීවේ ඔහු 'ඉන්දීය සිනමාවේ ප්‍රතිමූර්තියක්' බවය. ' පරම්පරා ගණනාවක් ජනතාව ඔහු ඔහුගේ නිර්මාණාත්මක හැකියාවෙන් පිනවනු ලැබුවා.

ජිවිතයටත් වඩා සිය චිත්‍රපට පුළුල් බව විදහා දැක්වීමේ සෞන්දර්යාත්මක හැකියාවක් ඔහු සතුවු'යැයි අගමැතිවරයා කීවේය. වර්ෂ 1932 පාකිස්තානයේ ලාහෝරයේ උපත ලද චොප්රා දරුවන් අටදෙනකුගෙන් යුතු පවු‍ලේ බාලයා විය. ඔහු බොලිවූඩ් සිනමාවට පැමිණියේ ඔහුටත් කලින් සිනමා නිෂ්පාදනවලට අත ගසා සිටි සොයුරු බී.ආර්. චොප්රාගේ සහායකුයකු වශයෙනි.

වර්ෂ 1970 ගණන්වලදි ඔහුගේම නිෂ්පාදන සමාගමක් ලෙස යාෂ්රාජි ෆිල්ම්ස් ආයතනය ඇරඹූ ඔහු චිත්‍රපට රාශියක් නිර්මාණය කළේය. ඔහු සිය 80 වැනි ජන්ම දින උත්සවයේදි සිනමා ක්ෂේත්‍රයෙන් සමුගන්නා බව ද කියා තිබිණ.
(http://www.dinamina.lk/2012/10/24/_art.asp?fn=w1210248)
www.dinamina.lk


No comments:

Post a Comment

Popular Posts