ජීවිතේ සාහිත්‍ය දෙස පියනගන අතර වාරේ ගැලපුණු නොගැලපුණු පද සංකල්පනා ගෙනහැර පෑවෙමි
Saturday, June 30, 2012
Monday, June 18, 2012
මට සමාවෙන්න අම්මේ....!!!!
"ලැබුනත් නෙත් යුග දහසක උරුමේ...
මදි මට මුළු සංසාර යුගේ......
ඔබව බලා ගන්නට අම්මේ....."
මගේ අම්මට තිබුණේ එක ඇහැක් විතරයි.පවුලෙ වියදම් ගැටගහගන්න අමාරු හින්දා අම්මා අපේ ඉස්කෝලෙ ළමයින්ටයි,ගුරුවරුන්ටයි කෑම හදලා විකුණුවා.
මං පොඩි කාලෙ එක දවසක් අම්මා ඉස්කෝලෙට ඇවිත් මට කතාකළා.මං ලොකු අපහසුතාවයකට පත් වූණා.ඇයි අම්මා මෙහෙම දෙයක් කළේ? මං අම්මාව ගණන් ගන්නෙ නැතුවම එයාට ඔරවලා බලලා,හයියෙන් දිව්වා...
ඊළඟ දවසේ ඉස්කෝලෙ ගියාම පන්තියෙ ළමයෙක් මට හිනාවුණා,
"ඊ..... ඔයාගෙ අම්මට තියෙන්නෙ එක ඇහැයි නේද?" කියලා.....
මං ඒ යාලුවාගෙන් ඇත්ත හැංගුවා.මට ඕනි වුණේ ඉක්මනටම අම්මා නැති වෙනවා දකින්න.මං එදා අම්මාට කිව්වා,
"ඇයි ඔයා මැරිලාවත් යන්නෙ නැත්තෙ" කියලා
අම්මා මුකුත්ම කිව්වෙ නෑ......
දෙපාරක් නොහිතම මං අම්මාට ඒ ගැන කිව්වෙ, පුදුමාකාර කේන්තියකින්.
මට එයාගෙ හැඟීම් වලින් වැඩක් නෑ...
මට ඕනි වුණේ ඉක්මනින්ම ගෙදරින් පිට වෙන්න,එයා ළඟ මොහොතක්වත් ඉන්නෙ නැතුවම...
ඒ හින්දම මං මහන්සි වෙලා ඉගෙනගෙන පිටරටකට ගියා.ඊට පස්සෙ මං කසාද බැන්දා. මගේම කියලා ගෙදරක පදිංචියට ගියා. මං තාත්තා කෙනෙක් වුණා.මං මගේ පවුලත් එක්ක බොහෝම සතුටින් ජීවත් වුණේ....
එක දවසක් නොහිතපු වෙලාවක අම්මා මගේ ගෙදරට ආවා.අවුරුදු ගානකින් අම්මා මාවවත්,මගෙ දරුවන්වවත් දැකලා තිබුණෙ නෑ. එයාව දැකලා මගෙ දරුවො මහ හයියෙන් කෑ ගැහුවා...
මං එයාට බැන්නා,
"ඔයාට කොහෙන්ද අයිතියක් ආවෙ මගේ ගෙදරට ඇවිත් මගේ දරුවො බය කරන්න? දැන්මම මගේ ගෙදරින් පිට වෙන්න" කියලා
ඒ ගමන අම්මා කිව්වා, "ආහ්...මට සමාවෙන්න.මං හිතන්නෙ මට ලිපිනය වැරදිලා"කියලා
එහෙම කියලා අම්මා ගෙදරින් පිට වුණා...
ඔය අතරෙ එක දවසක මගේ නමට ලියුමක් ලැබුණා ඉස්කෝලෙ සුහද හමුවක් තියෙනවා කියලා.ඒකට යන්න ඕනි හින්දාම,මං වයිෆ්ට බොරුවක් කිව්වා මට බිස්නස් ට්‍රිප් එකක් යන්න තියෙනවා කියලා.ඊට පස්සෙ මං පරණ ඉස්කෝලෙට ගියා.සුහද හමුව ඉවර වුණාට පස්සෙ මං පුංචි කාලෙ හිටපු ගෙදරටත් ගියා.එතකොට තමයි දැනගත්තෙ අම්මා නැති වෙලා කියලා.....
ඒත් මම එක කඳුළු බිංදුවක්වත් හෙලුවෙ නෑ අම්මා වෙනුවෙන්.
අහළ පහළ අය අම්මා මට දෙන්න කියලා දීපු ලියුමක් මගෙ අතට දුන්නා.....
මේ තියෙන්නෙ ඒ ලියුම.....
දයාබර පුතේ,
මං ඔයා ගැන හැම මොහොතකම
හිතුවා.මට සමාවෙන්න ඔයාගෙ ගෙදරට ඇවිත් දරුවො බය කරන්න සිද්ද වුණාට.මං
ගොඩාක් සතුටු වුණා පුතේ ඔයා ඉස්කෝලෙ සුහද හමුවට එන බව දැනගත්තම.ඒත් මට
ඇඳෙන් නැගිටින්නවත් බෑ.ඒ නිසා ඔයාව බලන්න එන්න බැරි වෙයි.
මට සමාවෙන්න, ඔයා ටික ටික ලොකු මහත් වෙනකොට ඔයාව නිතරම අපහසුතාවයට පත් කළාට. ඔයාට ලැජ්ජා කළාට....
ඔයා ගොඩාක් පුංචි කාලෙ අනතුරක්
වෙලා ඔයාගෙ එක ඇහැක් නැතිවුණා පුතේ.අම්මා කෙනෙක් විදියට මට ඒක බලන් ඉන්න
බැරි වුණා.ඒ හින්දා මං මගේ ඇහැ ඔයාට දුන්නා.ඒ ගැන හිතලා මං ගොඩාක් ආඩම්බර
වුණා පුතේ.මොකද මගේ ඇහෙන් පුතා අලුත් ලෝකයක් දැකපු හින්දා..
හැමදාම මගේ ආදරේ ඔයාටයි මගෙ පුතේ.
ඔයාගෙ අම්මා කවදාවත් ඔයා එක්ක තරහා නෑ.
මේ,
ඔයාගෙ අම්මා
කැපවීමෙන් ක්‍රියා කිරීමේදී තමන්ට අහිමිවන දෑ බොහෝය
කෙනෙකුට පැවරී ඇති දෙයක් නොපිරිහෙළා ඉටුකිම ඔහුගේ වගකීමයි. ඔයාල අහල ඇති තමන්ගේ රාජකාරිය දේවකාරිය ලෙස සලකනව
කියල, කිසියම් කෙනෙකු එසේ කැපවීමෙන් ක්‍රියා කිරීමේදී තමන්ට අහිමිවන දෑ
බොහෝය. සමහරවිට තම ජීවිතය පවා අහිමිවනු ඇත. ගිරිහෙල්, බාධක, ජයගෙන ඉදිරිය
කරා යෑමට කැපකිරීම අවශ්‍යය. ඔයාලත් මේ ලිපිය කියවල බලන්න. තම නෙත් අගට
කඳුළු වැගිරෙන ඉතාමත් සංවේදීජනක සිදුවීමකි.

Friday, June 15, 2012
ඉටි වලින් රූප හදන අපේ රටේ දක්‍ෂයා
◄ ඉටි වලින් රූප හදන අපේ රටේ දක්‍ෂයා ►
ඔබ ඔබවම දකින්නේ කැඩපතින් පමණයි. ඔබ ඔබවම දකින්නේ සිතින් පමණයි. ඒත් සමහරු ඔවුන් මැඩම් ටුසාඩ් වැනි කෞතුකාගාරවලත් දකියි. අපි හැමෝටම කෞතුකාගාරවල ඉටි රුවක් විය නොහැක. මස් ලේ ඇට නහර, මස්තිෂ්ක, අනුමස්තිෂ්ක ශරීර අභ්‍යන්තරයේ නැතත් ඔබේ ආත්මීය සංෂිප්තය මුහුණෙන් පෙන්නුම්කර, ඔබේම හැඩය ගත් ඔබේම ප‍්‍රමාණයගත් ඉටිරූපයක් බවට ඔබව පත් කිරීමට ඔහුට පුළුවන. ඒ මහනුවර අතුල හේරත් නම් නිර්මාණකරුවන් අතර දුර්ලභ වූ නිර්මාණකරුවායි.
◄►ඉටියෙන් රූප මවන කලාකරුවෙකු වීමේ භාග්‍ය ලැබුණු අයුරු මතක් කළොත්?
මම එවැනි කලාකරුවෙකු බව මටත් කලින් හඳුනා ගත්තේ මගෙ අම්මා. ඇය ගුරුවරියක්. සෞන්දර්යයට ලැදි කෙනෙක්. ඇය නාට්‍ය කළා. පෙරහැර සංවිධානය කළා. මම ඒ හැම අවස්ථාවෙම විවිධ අයුරින් ඒ නිර්මාණවලට දායක වුණා. චිත‍්‍ර ඇන්දා. පෙරහැරේ අලියා අඹන්නත් වුණා.
ඒත් අම්මට ඕන වුණේ මාව වෛද්‍යවරයෙක් කරන්න. මට විශ්වවිද්‍යාලයට යන්න ලකුණු මදිවුණා. ඊට පස්සේ 1983දී ගුවන් හමුදාවට බැදුණා. පස්සේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ඉවත් වෙලා ඕමාන් ගුවන් හමුදාවට බැදුනා. මේ හැම කාලයකම යුද්ධයත් එක්ක මා තුළ සිටි නිර්මාණකරුවා තෙරපි තෙරපි සිටියා.

◄►ඒ නිර්මාණකරුවා නැවත පණ ලැබූ අයුරු සඳහන් කළොත් ?
ඕමානේ ඉන්න කාලේ එංගලන්ත ජාතිකයෙක් මට මුණ ගැසුණා. ඔහුගෙන් ගෘහ අලංකරණය පිළිබඳව ගොඩක් දේවල් ඉගෙන ගත්තා. පස්සෙ ලංකාවට ඇවිල්ලා ඒ පිළිබඳව ඩිප්ලෝමාවකුත් කළා. මම හිතුවා මට තියෙන හැකියාවෙන් ප‍්‍රයෝජන ගන්න. දැනට අවුරුදු හතකට කලින් කොටුගොඩැල්ල වීදියෙන් මම පොතක් ගත්තා. ඒ පොත නිසා ලොකු ආසාවක් ඇතිවුණා මේ රටේ ප‍්‍රසිද්ධ පුද්ගලයන්ගේ අනුරුව ඇතුළත් කෞතුකාගාරයක් කරන්න. ඒක ලෙසි පහසු හීනයක් නෙමෙයි.
අවුරුදු හතක් විතර විවිධ අත්හදාබැලීම් කළා. අනුරූ සිය ගණනක් හැදුවා. නමුත් සාර්ථක වුණේ නෑ. හැබැයි කාලයක් යනකොට මට තේරුණා දැන් හරි කියලා.
◄►ඔබේ පළමු ප‍්‍රසිද්ධ පුද්ගල නිර්මාණය, ප‍්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරාගේ?
ඔව්. මහේන්ද්‍රව තෝරගන්න හේතු කිපයක් තිබුණා. එකක් ඒ මම කැමතිම රංගන ශිල්පියා, රංගන ශිල්පියෙක් වගේම සරල මනුස්සයෙක්, හොඳ නළුවෙක්, අනෙක් කරුණ තමයි මහේන්ද්‍රගේ ශරීර අංග, මුහුණේ ඉරියව් නිර්මාණය කිරීම ටිකක් අමාරුයි. එවැනි කෙනෙක් නිර්මාණය කිරීම අභියෝගයක් ලෙසත් බාර ගත්තා.
◄►කෙනෙක් ඔබේ මේ නිර්මාණකරණයට අත දෙන්න සුදානම් නම් ඔබ ඒ අයට කියන්න තියෙන්නේ කුමක්ද?
එහෙම උදව් කරනවා නම් අනුග‍්‍රහය දක්වන පිළිරුවේ යටින් ඔහුගේ නම හෝ ආයතනයේ නම සඳහන් කරනවා. කලාවක් විදිහට මේක මේ රටේ ගොඩනගන්න කවුරු හරි උදව් කරනවා නම්, ඒක මට ලොකු හයියක්.

Monday, June 11, 2012
අපි ගොඩාක් අයට වැරදෙන තැනක්
අපි
ගොඩාක් අයට වැරදෙන තැනක් නේද මේක? පිටතින් බලල කෙනෙක් ගැන තීරණයකට එන්න
කවදාවත්ම අපිට බෑ. ඒ කෙනාගේ සත්‍යය ස්වරූපය අපි නොහිතනම පැත්තක් වෙන්න;පුළුවන්.
Saturday, May 5, 2012
පරාජය දැක බිය නොවන්න
වතුර ස්වල්පයක් පිරවූ වීදුරුවක් තම අත මත තබා ගත් මහාචාර්යය වරයා තම දේශනය ආරම්භ කළේය.
සියල්ලන්ටම පෙනෙන ලෙස එය ඔසවා ගත් ඔහු මෙසේ ඇසීය.
“මේක කොච්චර විතර බර ඇද්ද?”
“ග්‍රෑම් 50ක්”; “ග්‍රෑම් 100 ක්”; “ග්‍රෑම් 125 ක්” ලෙස සිසුන් පිළිතුරු දෙන ලදී.
“මම හරියටම දන්නේ නැහැ. මම බර කිරන්න ඕනා. ඒත් මට හරියටම දැනගන්න ඕනා මේක මම මිනිත්තු කීපයක් මෙහෙම තියාගත්තොත් මොනා වෙයිද කියලයි.”
මහාචාර්යය වරයා නැවතත් විමසීය.
“මුකුත් වෙන එකක් නැහැ” සිසුන් පිළිතුරු දිනි.
“හොඳයි එහෙනම් මම මේක පැයක් විතර තියන් උන්නොත්?”
“ඔබගේ අත කකියන්න පටන් ගනියි” සිසුන් නැවතත් පිළිතුරු දිනි.
“ඔබ හරි. එතකොට මම දවසක් විතර තියන් උන්නොත්?” මහචාර්යයවරයා නැවතත් විමසීය.
“ඔබේ අත හිරි වැටිලා දරුණු ආතතියකට මුහුණ දීලා අංශබාගය හැදෙයි.”
“අනිවා රෝහලෙන් මෙහා නවතින එකක් නැහැ” කටකාර සිසුවෙක් පැවසූ විට සියළු දෙනා සිනාසුනි.
හරිම හොඳයි. එතකොට මේ හැම වෙලාවකම වීදුරුවේ බර වෙනස් වුනාද?
“නැහැ” සිසුන් පිළිතුරු දිනි.
“එහෙනම් අතේ කැක්කුමට හා ආතතියට හේතු වුණේ මොකක්ද? ”
සිසුන් ගොලුවිය. එක් සිසුවෙක් හඬගා මෙසේ කීය.
“වීදුරුව බිමින් තියන්න”
“හරියටම හරි. ජීවිතයේ ප්‍රශ්න කියන්නෙත් මේවටම තමයි.”
මිනිත්තු කිහිපයක් ඔලුව ඇතුලෙ තිබ්බහම දරාගන්න පුළුවන් වගේ. ඒවා තවකල් ඔලුව ඇතුළේ තියන් උන්නහම ඇදුම් දෙන්න ගන්නවා. තවත් කල් තියන්න ඉන්නකොට ඔබට අංශබාගෙට එනවා. මුකුත්ම කර ගන්න බැරි වෙනවා.
ඔබගේ ජීවිතයේ අභියෝග (ප්‍රශ්න) ගැන හිතන එක වැදගත්. ඒත් ඊට වඩා වැදගත් දිනය අවසානයේ නින්දට යන විට ඔබ ඒ දේවල් බිමින් තියෙන එක. එවිට ඔබ උදයේ නැගිටින විට ප්‍රබෝධමත්ව සිට දිනයේ පැමිණෙන සියළු අභියෝගවලට මුහුණ දීමට ඔබට ශක්තිය ලැබේවි.
මතක තියාගන්න. “වීදුරුව බිමින් තියන්න”
▲▲▲▲▲▲▲▲▲▲▲▲▲
.
.
.
ජයග්‍රහණය නැමති ලිපිනයට ළඟාවීමට ලොව ඇති එකම මාර්ගය පරාජයයි. පරාජය අපගේ ජිවිතයේ එක් අංගයකි. පරාජය මුණ නොගැසූ කිසිඳු පුද්ගලයෙකු මෙලොව නැත. පරාජය මුණ නොගැසි මම ජය ලැබුවෙමි යනුවෙන් කව්රුන් හෝ පැවසුවහොත් එය ලෝකයේ අටවැනි පුදුමයයයි. කුඩාවියේ සිටම පරාජය පමණක් උරුම කරගත් ඒබ්‍රහම් ලින්කන් අවසානයේදී ඇමරිකානු ජනාධිපති විය. ඇලක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් ඔහුගේ ශ්‍රවණ ආබාධයෙන් පෙළුණු බිරිඳගේ කන ඇසීමට උපකරණයක් සැදීමට ගත් උත්සහය පරාජය වීමෙන් සැදුනු උපකරණයයි දුරකථනය. මොවුන් සියල්ල පරාජය මගින් ජයග්‍රහණය වෙත ගමන් ගත් පුද්ගලයන්ය.
ජිවිතයේ ජයග්‍රහණය ලැබූ ඕනෑම පුද්ගලයෙකුගෙන් අසා බලන්න; එක් ජයග්‍රහණයක් ලැබීමට ඔහු ලබපු පරාජයන් කෙතරම් දැයි ඔබට දැනගැනීමට හැකි වෙයි. ඔබ කැමති ජයග්‍රාහකයන් දස දෙනෙකුගේ නම් කොළයක ලියා ගන්න. ඔවුන් එකිනෙකාගේ චරිතාපදන පොත් අරගෙන ඔවුන්ගේ ජීවිතය අවධානයෙන් කියවා බලන්න. ඔවුන් සැමදෙනාම එක් ජයග්‍රහණයක් ලැබීමට කි සැරයක් පරාජය වී ඇත්දැයි ලේඛන ගත කරන්න. ජිවිතයේ පරාජය මුණ නොගැසි ජයග්‍රහණය ලබපු කිසිවෙකු නොමැති බව ඔබට හොඳින් වැටහෙයි.
ලෝකයේ මෙතෙක් ජයග්‍රහණය ලබපු එක් ආදර කතාවක්වත් ඉතිහාස පොත්වල සටහන් වුයේ නැත. ඒවා සියල්ලම වාගේ අවසන් වුයේ විවාහයෙනි. නමුත් ලෝකයේ කාව්‍යයන් ලෙස ඉතිහාස පොත්වල නම් දරා ඇති සියලුම ආදර කතාවන් පරාජිත ආදර කතාවන්ය.
පරාජය යනු ජයග්‍රහණයේ ප්‍රථම පියගැටපෙළයි. සෑම ජයග්‍රහණයක් පිටිපස්සෙම පරාජය නැමති ගුරුවරයා සැඟවී ගෙන සිටියි. අපි වැරැද්දක් කරද්දී එම ගුරුවරයා පරාජය නැමති රූපයෙන් අප ඉදිරියට පැමිණ ජයග්‍රහණයේ මාවත අපිට කියා දෙයි. පරාජය නැමති ගුරුවරයාගෙන් වැඩි වාරගණනක් ඉගෙනගත් ලොව එකම පුද්ගලයා තෝමස් අල්වා එඩිසන්ය. ඔහු බල්බයක් දැල්වෙන එක් වාරයක් සොයාගැනීමට පරාජය නැමති ගුරුවරයාව දහස් සැරයක් මුණ ගැසුනේය.
බල්බයක් දැල්වීමට වැදගත් ද්‍රව්‍යයක් වන්නේ තන්ස්ටන්ය. බල්බය තුළ තන්ස්ටන් යොදා ගතහොත් බල්බය පත්තු කළ හැකි බව සොයාගැනීමට ඔහු දහස් සැරයක් උත්සහ කෙරුවේය. තන්ස්ටන් යොදා ගැනීමට ප්‍රථම නොයකුත් තන්තු වර්ග සහ කම්බි වර්ග යොදා උත්සහ කර බැලුවත් ඒවා සියල්ල අසාර්ථක විය. මෙසේ දහස් සැරයක් උත්සහ කර අවසානයේදී තන්ස්ටන් තන්තුව බල්බය තුළ රඳවා සාර්ථකව එඩිසන් බල්බය පත්තු කෙරුවේය.
මෙය දැකපු ඔහුගේ මිතුරෙක් "දහස් සැරයක් පරාජය වුනානේ ඔබට වේදනාවක් දැනුනේ නැද්ද'' යනුවෙන් ඇසීය. එයට එඩිසන්"අනිවාර්යයෙන්ම නැත. මම පරාජය වුනු සෑම අවස්ථාවකම එක් පරීක්ෂණයක් නොකළ යුත්තේ කෙසේදැයි ඉගෙන ගත්තෙමි. අවසානයේදී ජයග්‍රහණයත් ලැබුවෙමි." යනුවෙන් පැවසිය. ජයග්‍රාහකයන් තමන්ගේ පරාජයන් විඳ දරාගන්නා ආකාරය මෙම කතාවෙන් මනාව පැහැදිලි වෙයි. පරාජය, පරාජයක් ලෙස නොසලකන්න. ඔබට ලැබුණු තවත් අවස්ථාවක් යැයි සළකන්න. සෑම පරාජයක්ම තාවකාලික අසාර්ථක වීමක් පමණි.
පරාජය වන සෑම අවස්ථාවකම ජයග්‍රහණය කරා මම ගමන් කරමින් සිටිමි යන්න සිතාගන්න. 15 වැනි මහලට යා යුතු නම් මහල් 14ක් අනිවාර්යයෙන්ම පසු කළ යුතුය. ඔබට ජයග්‍රහණයේ ලිපිනය සොයාගැනීමට අවශ්‍ය නම් පරාජයේ පියගැටපෙළවල් එකිනෙක පසුකළ යුතුය. ජයග්‍රහණයේ ලිපිනය සොයා ගැනීමේ අවශ්‍යතාවයක් ඔබට තිබේද? එසේ නම් පරාජය වන්න.
වර්තමානයේ බොහෝ දෙමව්පියන් තමන්ගේ දරුවන්ට ජිවිතයේ එක් අංගයක් වශයෙන් ජයග්‍රහණය ගැන පමණක් උගන්වයි. ඊළඟ අංගය වන පරාජය ගැන දරුවන්ට උගන්වන්නේ නැත. මේ හේතුව නිසා එම දරුවන් පරාජය මුණගැසුණු විට එයට ප්‍රතිචාර දැක්වීමට නොදෙන උග්‍ර තීරණයන්ට එළඹෙයි. එය සමහර විට දිවිනසා ගැනීමයි. මෙය වෙනස් විය යුතුයි. ළමුන්ට කුඩා වියේදීම ජයග්‍රහණය ගැන පමණක් නොව පරාජය ගැනත් ඉගැන්විය යුතුයි.
ශරීරයේ තමන්ට තිබුණු අඩුපාඩු සියල්ල තමන්ගේ ශක්තීන් බවට පරිවර්තනය කරගත් පුද්ගලයන්ගේ ජීවිත ගැන මඳක් සළකා බලන්න. පෝලියෝ රෝගයෙන් පෙළුණු රුස්වෙල්ට් ඇමෙරිකා ජනාධිපති වුනේ නැද්ද? කුඩා වියේදී කුසට ප්‍රමාණවත් ආහාර නොලැබූ නිසා ශරීර අවයව නිසියාකාරව වර්ධනය නොවී දකින සියල්ලන් පරිහාසයට ලක්කරන ස්වරූපයෙන් සිටි චාර්ලි චැප්ලින් තමාව බලා සිනාසු සියල්ලවම මුදල් ගෙවා තමාගේ සිනහව බැලීමට සැලස්වුයේ නැද්ද? කන් නොඇසුණු තෝමස් අල්වා එඩිසන් සැවෝම අසා වින්දනය වීමට ග්‍රැමෆෝනය (Gramophone) සොයා ගත්තේ නැද්ද? බාධක, ගරාවැටීම් සහ පරාජයන් නසන ඖෂධය රසායන දෙකක මිශ්‍රණයකි. ඒවා නම් පුහුණුව සහ උත්සහයයි. ඉහත සඳහන් කළ චරිත සියල්ල මෙම ඖෂධය ලබාගත් පුද්ගලයන්ය. මොවුන් වාගේ මෙම ඖෂධය ලබාගත් තවත් තරුණයෙකුගේ කතාවකි මෙය.
ඔහු නමින් ජුලියෝය. ස්පාඤ්ඤ ජාතිකයෙකු වන ඔහු පා පන්දු ක්‍රීඩාවට මහත් රුචිකත්වයක් දැක් වූ පුද්ගලයෙකි. ඔහුගේ ආශාව වුයේ දක්ශ පන්දු රකින්නකු වීමටය. ඔහු තමාගේ ආශාව මුදුන් පමුණුවා ගැනීම සඳහා දැඩි ලෙස කැප වී පුහුණු විය. ඔහුගේ කැපවීමට ත්‍යාගය වශයෙන් රියල් මෙඩ්රීඩ් (Real Madrid) කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඔහුට අවස්ථාව ලැබුනේය. මොහු කණඩායමේ ශ්‍රේෂ්ඨ පන්දු රකින්නෙක් බවට පත්වේ යැයි සැවෝම සිහින දැක්කේය.
නමුත් අවාසනාවන්ත ලෙස දවසක් ඔහුට රිය අනතුරකට මුහුණ දීමට සිදුවිය. අසාධ්‍ය තත්වයෙන් රෝහලට ඇතුළත් කළ ජුලියෝට එම රිය අනතුර නිසා ඇවිදීමට නොහැකිව සදාකාලික අබ්බගාතයෙක් විය. මාස 18ක් රෝහල් සුවය විඳ එළියට පැමිණි ඔහුට ජීවිතය අපායක් විය. තමාගේ ජීවිතය මෙසේ අන්ධකාර වුනේ යැයි සිතා කඳුළු සැලුවේය ජුලියෝ. එම කඳුළු පෑනේ තීන්ත බවට පරිවර්තනය කර ඔහු සිංදු ලිවීමට පටන් ගත්තේය. ඔහු ලියු එම සිංදු තමාගේ ගිටාර් එකෙන්ම වාදනය කර තමාම ගායනය කිරීමට පටන් ගත්තේය. ජයග්‍රහණය නැමති නැළවිලි ගීතය අසා ජයග්‍රාහකයන් නිදාගනිද්දී පරාජය නිසා ජුලියෝගේ සිතේ නිර්මාණය වූ ගීත ලෝක ප්‍රසිද්ධ විය.
පසුකාලයේදී සංගීත කේෂ්ත්‍රයෙහි ශ්‍රේෂ්ඨ ගායකයන් 10 දෙනා අතර ගීත ඇල්බම් 300ක් නිර්මාණය කරපු ජුලියෝ ඉග්ලේසියස් (Julio Iglesias) නැමති නමත් සනිටුහන් විය. එම රිය අනතුර පමණක් සිදු වුයේ නැතිනම් ජුලියෝ 100 දෙනෙක් පමණක් දන්නා පන්දු රකින්නෙක් වන්නට තිබුණි. නමුත් දැන් ඔහු මුළු ලොවම හඳුනන ශ්‍රේෂ්ඨ ගායකයෙක් බවට පත් වී ඇත.
බොහෝ පුද්ගලයන් යම් දෙයක් සාර්ථකත්වයට පත්වීමට ආසන්නව තිබියෙදී එය අත්හැර දමයි. ඔවුන් එය අත් අරින්නේ ජයග්‍රහණයට යාරයක දුරක් තිබියදීය. අවසන් විනාඩියේදී තරඟය අත්හැර දමයි. ජයග්‍රාහී සීමාවට එක් අඩියක් තිබියදී අපේක්ෂා බිඳ ගනියි. අපට එක් දොරක් වැසුනහොත් එහි තේරුම අප අසළම තවත් දොරක් ඇරී ඇත යන්නයි. නමුත් ඇතැමුන් වැසුන දොර අසළ ඉඳගෙන කඳුළු සලනවා මිස ඇරී තිබෙන දොර දෙසට අවධානය යොමු කරන්නේ නැත. ඔබත් එවැනි පුද්ගලයෙක්ද? එසේ නම් වහාම වැසුනු දොර අසළ සිටගෙන කඳුළු සැලීම නවත්වා ඇරී තිබෙන දොර ඇතුළින් පිවිස ජයග්‍රහණයේ මාවත දිගේ නව ගමනක් අරඹන්න
සියල්ලන්ටම පෙනෙන ලෙස එය ඔසවා ගත් ඔහු මෙසේ ඇසීය.
“මේක කොච්චර විතර බර ඇද්ද?”
“ග්‍රෑම් 50ක්”; “ග්‍රෑම් 100 ක්”; “ග්‍රෑම් 125 ක්” ලෙස සිසුන් පිළිතුරු දෙන ලදී.
“මම හරියටම දන්නේ නැහැ. මම බර කිරන්න ඕනා. ඒත් මට හරියටම දැනගන්න ඕනා මේක මම මිනිත්තු කීපයක් මෙහෙම තියාගත්තොත් මොනා වෙයිද කියලයි.”
මහාචාර්යය වරයා නැවතත් විමසීය.
“මුකුත් වෙන එකක් නැහැ” සිසුන් පිළිතුරු දිනි.
“හොඳයි එහෙනම් මම මේක පැයක් විතර තියන් උන්නොත්?”
“ඔබගේ අත කකියන්න පටන් ගනියි” සිසුන් නැවතත් පිළිතුරු දිනි.
“ඔබ හරි. එතකොට මම දවසක් විතර තියන් උන්නොත්?” මහචාර්යයවරයා නැවතත් විමසීය.
“ඔබේ අත හිරි වැටිලා දරුණු ආතතියකට මුහුණ දීලා අංශබාගය හැදෙයි.”
“අනිවා රෝහලෙන් මෙහා නවතින එකක් නැහැ” කටකාර සිසුවෙක් පැවසූ විට සියළු දෙනා සිනාසුනි.
හරිම හොඳයි. එතකොට මේ හැම වෙලාවකම වීදුරුවේ බර වෙනස් වුනාද?
“නැහැ” සිසුන් පිළිතුරු දිනි.
“එහෙනම් අතේ කැක්කුමට හා ආතතියට හේතු වුණේ මොකක්ද? ”
සිසුන් ගොලුවිය. එක් සිසුවෙක් හඬගා මෙසේ කීය.
“වීදුරුව බිමින් තියන්න”
“හරියටම හරි. ජීවිතයේ ප්‍රශ්න කියන්නෙත් මේවටම තමයි.”
මිනිත්තු කිහිපයක් ඔලුව ඇතුලෙ තිබ්බහම දරාගන්න පුළුවන් වගේ. ඒවා තවකල් ඔලුව ඇතුළේ තියන් උන්නහම ඇදුම් දෙන්න ගන්නවා. තවත් කල් තියන්න ඉන්නකොට ඔබට අංශබාගෙට එනවා. මුකුත්ම කර ගන්න බැරි වෙනවා.
ඔබගේ ජීවිතයේ අභියෝග (ප්‍රශ්න) ගැන හිතන එක වැදගත්. ඒත් ඊට වඩා වැදගත් දිනය අවසානයේ නින්දට යන විට ඔබ ඒ දේවල් බිමින් තියෙන එක. එවිට ඔබ උදයේ නැගිටින විට ප්‍රබෝධමත්ව සිට දිනයේ පැමිණෙන සියළු අභියෝගවලට මුහුණ දීමට ඔබට ශක්තිය ලැබේවි.
මතක තියාගන්න. “වීදුරුව බිමින් තියන්න”
▲▲▲▲▲▲▲▲▲▲▲▲▲
.
.
.
පරාජය දැක බිය නොවන්න
ජිවිතයේ ජයග්‍රහණය ලැබූ ඕනෑම පුද්ගලයෙකුගෙන් අසා බලන්න; එක් ජයග්‍රහණයක් ලැබීමට ඔහු ලබපු පරාජයන් කෙතරම් දැයි ඔබට දැනගැනීමට හැකි වෙයි. ඔබ කැමති ජයග්‍රාහකයන් දස දෙනෙකුගේ නම් කොළයක ලියා ගන්න. ඔවුන් එකිනෙකාගේ චරිතාපදන පොත් අරගෙන ඔවුන්ගේ ජීවිතය අවධානයෙන් කියවා බලන්න. ඔවුන් සැමදෙනාම එක් ජයග්‍රහණයක් ලැබීමට කි සැරයක් පරාජය වී ඇත්දැයි ලේඛන ගත කරන්න. ජිවිතයේ පරාජය මුණ නොගැසි ජයග්‍රහණය ලබපු කිසිවෙකු නොමැති බව ඔබට හොඳින් වැටහෙයි.
ලෝකයේ මෙතෙක් ජයග්‍රහණය ලබපු එක් ආදර කතාවක්වත් ඉතිහාස පොත්වල සටහන් වුයේ නැත. ඒවා සියල්ලම වාගේ අවසන් වුයේ විවාහයෙනි. නමුත් ලෝකයේ කාව්‍යයන් ලෙස ඉතිහාස පොත්වල නම් දරා ඇති සියලුම ආදර කතාවන් පරාජිත ආදර කතාවන්ය.
| Thomas Alva Edison |
වර්තමානයේ බොහෝ දෙමව්පියන් තමන්ගේ දරුවන්ට ජිවිතයේ එක් අංගයක් වශයෙන් ජයග්‍රහණය ගැන පමණක් උගන්වයි. ඊළඟ අංගය වන පරාජය ගැන දරුවන්ට උගන්වන්නේ නැත. මේ හේතුව නිසා එම දරුවන් පරාජය මුණගැසුණු විට එයට ප්‍රතිචාර දැක්වීමට නොදෙන උග්‍ර තීරණයන්ට එළඹෙයි. එය සමහර විට දිවිනසා ගැනීමයි. මෙය වෙනස් විය යුතුයි. ළමුන්ට කුඩා වියේදීම ජයග්‍රහණය ගැන පමණක් නොව පරාජය ගැනත් ඉගැන්විය යුතුයි.
![]() |
| Charlie Chaplin |
![]() |
| Julio Iglesias |
Thursday, October 20, 2011
day to day
අම්ම අප්පා කිව්ව නිසා
සිස්සත්වෙට වාඩි වෙලා
කර මුලින්ම ඇන ගත්තලු
පුංචි කාලේ මං.........
ඉස්කෝලෙන් කට්ටි පැනල
අම්බානක ගුටිත් කාල
කොල්ලෝ එක්ක ගැන්සි බැහැපු
සිරා බුවෙක් මං........
ඉගන ගන්න බැහැ උඹ හට
හැම එකාම මට කියද්දී
ඒ මොකවත් ගණන් නොගත්
මදාවියෙක් මං.........
ඕ ලේවලුත් ෆේල් වෙලා
කන් පිරෙන්න බැනුම් අසා
ෆීල්ඩ් එකේ ජොබ් කට්ටක්
හොයා ගත්ත මං.............
ඒකෙන් පුහුණුවක් අරන්
මගේ වැඩක් පටන් අරන්
ලොකු පොරකට කඩේ ගිහින්
ලොකු පුටුවක මං.........
ඉගන ගත්ත අපේ එවුන්
සහතික මිටි තුරුළු කරන්
ජොබක් හොයන් ඇවිදිල්ලා
මගේ ලගට දැන්.......
හනේ හෆොයි බං
ඉගන ගත්ත උන්.....
මේ බලපිය බං
කට්ටි පැනපු මං........
Sunday, October 16, 2011
Sunday, September 25, 2011
දැයට කිරුළ අනුරාධපුරය – ඔයාමඩුව
මේ තියෙන්නෙ දැයට කිරුළ වෙනුවෙන් මම් කලින් දාපු පෝස්ට්.ඒවා බලන්න මෙතනින් යන්න.අනිත් පෝස්ට් එක මෙතනින්.
කොහොමින් කොහොමින් හරි අපි ආමි එකේ ප්‍රදර්ශණ කුටි බලලා,ආවා ගුවන් හමුදාවේ ප්‍රදර්ශණ කුටි බලන්න.වැස්සත් තිබුනා.හොදටම තෙමුනත් එක්ක.මොනව කරන්නද ආපු එකේ බලලම යන්න එපැයි නැත්තම් අපරාදෙනේ.
| මෙතනින් තමා ඇතුලට ගියේ. |
| මේ තියෙන්නෙ එයාලගෙ හෙලිකොප්ටරයක් |
| මෙයා අපිට කියල දුන්න එක යානයක ලේසර් කිරණ වලින් ඉලක්කය සලකුනු කරලා වෙනම යානයකින් පහරදෙන හැටි.ඉරණමඩු වල කොටින්ගෙ ගුවන් පතය විනාස කරේ එහෙම කියලත් කිව්වා. |
| මේ තියෙන්නේ ඒ වාගේ යානයකින් බෝම්බ දාන හැටි පෙන්නන ආදර්ශයක් |
Sunday, September 11, 2011
Friday, September 2, 2011
Subscribe to:
Posts (Atom)
Popular Posts
-
ඔන්න එකෝමත් එක කාලෙක දෙවිවරුන්ගේ රජ්ජුරුවෝ විදිහට ඉන්න සියුස් දෙවියෝ මෙටිස් (Metis) කියලා කුමාරිකාවක් සරණ පාවා ගන්නවා. මෙටිස් කුමාරිය ක...
-
වයසක තාත්තා කෙනෙකුයි පුතෙකුයි කෝච්චියක ඉඳගෙන ඉන්නකොට ඊට ඉස්සරහෙන් කපල් එකක් වාඩි උනා. පුතාගේ වයස අවුරුදු 25ක් විතර ඇති. එයා වීදුරුව පැත්ත...
-
"සිංහල" අපේ මවු භාෂාව..ඔබත් සිංහල කතා කරන්න ලැජ්ජයිද? කිසිම දේකට සිංහල කතාකරන්න ලැජ්ජවෙන්න එපා... මේක සිංහල රට මේ සිංහල රටේ සිංහ...
-
එක්තරා තරුණයෙකුට රැකියාවක් ලැබිල යනව සිය රාජකාරියට. ගිය දිනයේ ඉදලම ඔහුගේ සිත් ගත්ත කාන්තාවක් ඒ කාර්යාලයේ ඉන්නව. ඉතින් තරුණ වයසේදි ඔබ අප හ...
-
ලිබර්ටි ප්‍රතිමාවේ දබරැගිල්ලක දිග අඩි 8කි. චිලී රාජ්‍යයේ ඇටකාමා කාන්තාරයේ සමහරක් ප්‍රදේශ වලට කිසිම දිනෙක වැසි ඇද වැටී නැත. වයස අවුරුදු ...
-
ඔබ ඉන්නේ කොළඹ ජනාකීර්ණ ස්ථානයක නම් ඔබ දන්නවාද, ඔබව නිරීක්ෂණයට ලක්වන බව? පහත තියෙන වීඩියෝව නරඹල ඒ ගැන දැනුවත් වෙන්න.