ජීවිතේ සාහිත්‍ය දෙස පියනගන අතර වාරේ ගැලපුණු නොගැලපුණු පද සංකල්පනා ගෙනහැර පෑවෙමි
Monday, December 31, 2012
Saturday, December 29, 2012
Tuesday, December 25, 2012
Monday, November 5, 2012
වසර 6 ක් පුරා තම ස්වාමියාගේ සොහොන්කොත අසල තනි රකින Capitan..
විල්ලා කාලෝස් පැස් නගරය පිහිටා ඇත්තේ, ආජන්ටිනාවේ මධ්‍යම ප්‍රදේශයට වන්නටය. එහි පිහිටි සොහොන්බිම වෙත යන ඕනෑම අයකුගේ නෙත ගැටෙන දර්ශනයක් තිබේ. ඒ සොහොන් කොතක් ආරක්ෂා කරමින් ඒ මත නිදා සිටින, ඒ අසල ගැවසෙන සුනඛයකුගේ දර්ශනයයි. මියගිය තම ස්වාමියා වෙනුවෙන් කෘතගුණ දක්වන මේ සුනඛයා, නමින් “කැපිටන්” ය.
කැපිටන් මේ සොහොන් කොත ආරක්ෂා කරන්නේ අද ඊයේක සිට නොවේ.
2006 වසරේ සිට පුරා වසර 6 ක් කැපිටන් තම ස්වාමියාගේ සොහොන් කොත ආරක්ෂා කරයි. කැපිටන් යනු ජර්මන් ෂෙපර්ඩ් වර්ගයට අයත් සුනඛයෙකි.
මිගෙල් ගැස්මන් නම් පුද්ගලයා 2005 වසරේදී කැපිටන් රැගෙනවිත් ඇත්තේ, සිය ආදරණීය පුතණුවන්ගේ 13 වැනි උපන් දිනයේ ත්‍යාගය ලෙසයි. ඒ අනුව කැපිටන්ගේ සැබෑ ස්වාමියා වන්නේ, මිගෙල්ගේ පුත්‍රයා වන ඩේමියන් වුණත් සුනඛයා තම බැඳීම පවත්වාගෙන ගොස් ඇත්තේ මිගෙල් සමඟිනි.
එහෙත්, 2006 වසරේ මාර්තු මාසයේ දී මිගෙල් හදිසියේ මිය යන්නේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ අයුරිනි. මිගෙල්ගේ අවසන් කටයුතු පවුලේ ඥාතීන්ගේ සහභාගිත්වයෙන් විල්ලා කාලොස් පැස් සොහොන් බිමේදී සිදුවිය. පවුලේ ඥාතීන්ට එම කටයුතු සඳහා එක්වීමට අවස්ථාව හිමිවුණ ද මිගෙල්ගේ ආදරණීය සුනඛයාට එම අවස්ථාවට සහභාගි වීමට හැකියාවක් ලැබී තිබුණේ නැත. අවසන් කටයුතු නිමා වී නිවෙස වෙත පැමිණි මිගෙල්ගේ ඥාතීන්ට දක්නට ලැබුණේ කැපිටන් නිවෙසේ නොමැති බවයි.
“අපි කැපිටන්ව හැම තැනම හෙව්වා. ඒත් හොයාගන්න බැරිවුණා. එයා අතුරුදන් වෙලා. අන්තිමට අපි හිතුවේ එයා වාහනයකටවත් යටවෙලා මැරෙන්න ඇති කියලා.”
සිද්ධිය පිළිබඳ අදහස් දක්වමින් මිගෙල්ගේ බිරිය වන වෙරෝනිකා කියයි.
“නමුත් අපි ඊළඟ සුමානේ කනත්තට යනකොට කැපිටන් එහි සිටියා. එයාව අඳුරගත්තේ ඩේමියන් පුතා. කැපිටන් අපි ළඟට ඇවිත් බිරුවා. ඒක ඇත්තටම වැලපීමක්. හරියට අඬනවා වගෙයි අපිට දැනුණේ” වෙරෝනිකා වැඩිදුරටත් පවසයි. කිසිදු අවස්ථාවක සොහොන් බිම වෙත කැපිටන් රැගෙන නො ආ බව පවසන වෙරෝනිකා ඔහු සොහොන් බිම සොයාගත් ආකාරය පිළිබඳ ද විස්මයට පත්ව සිටී.”
“අපි කවදාවත්ම කැපිටන් එහාට ගෙනිහින් නැහැ. කැපිටන් ඒ තැන හොයාගත්තා කියන එක හරිම පුදුමයි. අපි ඊළඟ සුමානේ යනකොටත් කැපිටන් සොහොන් කොත ළඟ හිටියා. ඒ සැරේ නම් එයා අපි ළඟට ඇවිත්, ටික වේලාවක් කාලය ගත කළා. අපි ආයේ ගෙදර එනකොට කැපිටන් අපි එක්කම ආවා. හැබැයි කළුවර වැටීගෙන එනකොට එයා ආයෙත් කනත්තට ගියා” වෙරෝනිකා කියයි. “මම හිතන්නේ කැපිටන් කැමති නැහැ මිගෙල්ව රෑ යාමේ තනියම තියන්න” වෙරෝනිකා වැඩිදුරටත් කියා සිටී.
තම ස්වාමියාගේ සොහොන් කොත ආරක්ෂා කරන මේ අපූරු සුනඛයා කනත්තේ බලධාරීන්ට දැන් සුපුරුදු දසුනක් වී තිබේ. සුනඛයාගේ පළමු පැමිණීම එහි අධ්යක්ෂ හෙක්ටර් බෙකාගා සිහිපත් කරන්නේ මෙලෙසිනි.
“දවසක් එකපාරට මේ බල්ලා ආවා. එයත් එක්ක කවුරුත් හිටියෙත් නෑ. තනියමයි ඇවිත් තිබුණේ. එයා මුළු කනත්ත පුරාම ඇවිද්දා. හරියට මොනව හරි හොයන්න ඇවිදිනවා වගේ. පස්සේ එයා එක තැනක නැවතුණා. ඒ එයාගේ ස්වාමියාගේ සොහොන් කොත. දවල් කාලෙට එයා සොහොන් බිම පුරා ඇවිදිනවා. හැබැයි පුළුවන් ඉක්මනට එයා ආයෙත් සොහොන් කොත ළඟට එනවා. ඒ වගේම හැමදාම සවස 6 වෙනකොට එයා ඒ සොහොන් කොත මත වැතිරෙනවා.
රෑ එළිවෙනකන්ම එයා ඉන්නේ එහෙමයි” හෙක්ටර් සඳහන් කරයි. තම ස්වාමියා වෙනුවෙන් යුතුකම් ඉටුකරන මේ සුනඛයා, කනත්තේ කාර්ය මණ්ඩලයේද සිත් දිනාගෙන සිටී. ඒ නිසාම කැපිටන් හට දැන් ආහාරපාන ලබා දෙන්නේ කනත්තේ කාර්ය මණ්ඩලයයි. සොහොන් කොත ළඟ රැඳී සිටින මේ සුරතලා දැන් එම කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ සුරතලකු බවට පත්ව සිටී. කෙසේවෙතත් සුනඛයාගෙන් කිසිවකුටත් අවැඩක් නොවීමට කැපිටන් යළි නිවෙස වෙත ගෙන යාමට අවස්ථා කිහිපයකදීම ඩේමියන් උත්සාහ දරා තිබිණි. එහෙත් ඔහුගේ එම උත්සාහයන් සාර්ථක වී නොතිබිණි.
“මම අවස්ථා ගණනාවක්ම උත්සාහ කළා කැපිටන්ව ගෙදර ගේන්න. ඒ ගෙනාවත් එයා කෙළින්ම ආපහු යන්නේ කනත්තට. මට හිතෙන්නේ එයා මැරෙනකන්ම සොහොන ළඟ ඉඳියි. ඇත්තටම එයා තමයි දැන් මගේ තාත්තව බලාගන්නේ” ඩේමියන් කියයි. සැබවින්ම එය සංවේදී කතාවකි. මිනිසුන්ව මිනිසුන් අත්හැර යන සමාජයක මියගිය මිනිසකු වෙනුවෙන් යුතුකම් ඉටුකරන සුනඛයකු සමාජයට ලබා දෙන්නේ සුවිශේෂ වූ පණිවිඩයකි. සතුන් අතරින් මිනිසාගේ පරම මිත්‍රයා ලෙස සුනඛයා සැලකෙන්නේ ද, මෙවැනි වූ අසීමිත කෙළෙහිගුණයක්, දයාවක්, ආදරයක් තම ස්වාමියන් වෙත දක්වන නිසාය.
ඕනෑම අයකු වඩාත් වැඩියෙන් ආදරය කරන්නේ තම ජීවිතයට ය. එහෙත්, සුනඛයන් පිළිබඳ කතා කිරීමේදී ඇතැම් සත්වවේදීන් පළකරන්නේ වෙනස් මතයකි. එනම් සුනඛයා යනු තම ජීවිතයටත් වඩා තම ස්වාමියාට ආදරය කරන සත්ව කොට්ඨාසයක් ලෙසිනි. ඒ මතය තහවුරු කරන්නට කැපිටන් සමත්ව සිටී.
උපුටා ගැනීම : දිනමිණ සිතිජය අතිරේකය මඟිනි..

Subscribe to:
Posts (Atom)
Popular Posts
-
රෝස මල හා කටු ඇති නැතුව හිරු නැග එන බැසයන අයුරු ද කවියන් කවියට නැගුහ.මල් පිපෙන එක මෙන්ම මල් පරවෙන එක ද කවියන් කවියට නැගුහ,නගන්නේය. සමා...
-
-කොණ්ඩකටුවකින් සීගිරි කැටපත් පවුරේ නම් දෙකක් ලීයූ වරදට දෙවසරක සිර දඩුවමකට යටත් කළ සින්නතම්බි උදේනි වෙනුවෙන් ළමිස්සියක් සීගිරියේ මිනි මැර...
-
Oba Mage Kiya - Jude Rogans - MP3 [www.musictopalbum.co] by ASHANTHI
-
පිනි වැස්සක් වැටිලා දුක් යායට සිසිලස දැනුනා සoසරේම අමතක කෙරුවා සිත් අහසේම මතකය රැදිලා නුබ අයෙත් ලං වෙන්න එපා මන් ගාව ඉඩ දෙන්නෙම නැ ...
-
වංචාව දුෂණය අභියශ නපුරු ලෝකයේ හොද මිනිස්සු ඉන්නවා කියල මතක තියාගන්න