Twitter Bird Gadget

Saturday, May 5, 2012

පරාජය දැක බිය නොවන්න

වතුර ස්වල්පයක් පිරවූ වීදුරුවක් තම අත මත තබා ගත් මහාචාර්යය වරයා තම දේශනය ආරම්භ කළේය.
සියල්ලන්ටම පෙනෙන ලෙස එය ඔසවා ගත් ඔහු මෙසේ ඇසීය.

“මේක කොච්චර විතර බර ඇද්ද?”

“ග්‍රෑම් 50ක්”; “ග්‍රෑම් 100 ක්”; “ග්‍රෑම් 125 ක්” ලෙස සිසුන් පිළිතුරු දෙන ලදී.

“මම හරියටම දන්නේ නැහැ. මම බර කිරන්න ඕනා. ඒත් මට හරියටම දැනගන්න ඕනා මේක මම මිනිත්තු කීපයක් මෙහෙම තියාගත්තොත් මොනා වෙයිද කියලයි.”
මහාචාර්යය වරයා නැවතත් විමසීය.

“මුකුත් වෙන එකක් නැහැ” සිසුන් පිළිතුරු දිනි.

“හොඳයි එහෙනම් මම මේක පැයක් විතර තියන් උන්නොත්?”

“ඔබගේ අත කකියන්න පටන් ගනියි” සිසුන් නැවතත් පිළිතුරු දිනි.

“ඔබ හරි. එතකොට මම දවසක් විතර තියන් උන්නොත්?” මහචාර්යයවරයා නැවතත් විමසීය.

“ඔබේ අත හිරි වැටිලා දරුණු ආතතියකට මුහුණ දීලා අංශබාගය හැදෙයි.”
“අනිවා රෝහලෙන් මෙහා නවතින එකක් නැහැ” කටකාර සිසුවෙක් පැවසූ විට සියළු දෙනා සිනාසුනි.

හරිම හොඳයි. එතකොට මේ හැම වෙලාවකම වීදුරුවේ බර වෙනස් වුනාද?
“නැහැ” සිසුන් පිළිතුරු දිනි.

“එහෙනම් අතේ කැක්කුමට හා ආතතියට හේතු වුණේ මොකක්ද? ”
සිසුන් ගොලුවිය. එක් සිසුවෙක් හඬගා මෙසේ කීය.

“වීදුරුව බිමින් තියන්න”

“හරියටම හරි. ජීවිතයේ ප්‍රශ්න කියන්නෙත් මේවටම තමයි.”

මිනිත්තු කිහිපයක් ඔලුව ඇතුලෙ තිබ්බහම දරාගන්න පුළුවන් වගේ. ඒවා තවකල් ඔලුව ඇතුළේ තියන් උන්නහම ඇදුම් දෙන්න ගන්නවා. තවත් කල් තියන්න ඉන්නකොට ඔබට අංශබාගෙට එනවා. මුකුත්ම කර ගන්න බැරි වෙනවා.

ඔබගේ ජීවිතයේ අභියෝග (ප්‍රශ්න) ගැන හිතන එක වැදගත්. ඒත් ඊට වඩා වැදගත් දිනය අවසානයේ නින්දට යන විට ඔබ ඒ දේවල් බිමින් තියෙන එක. එවිට ඔබ උදයේ නැගිටින විට ප්‍රබෝධමත්ව සිට දිනයේ පැමිණෙන සියළු අභියෝගවලට මුහුණ දීමට ඔබට ශක්තිය ලැබේවි.

මතක තියාගන්න. “වීදුරුව බිමින් තියන්න”


▲▲▲▲▲▲▲▲▲▲▲▲▲

.

.
.



පරාජය දැක බිය නොවන්න

ජයග්‍රහණය නැමති ලිපිනයට ළඟාවීමට ලොව ඇති එකම මාර්ගය පරාජයයි. පරාජය අපගේ ජිවිතයේ එක් අංගයකි. පරාජය මුණ නොගැසූ කිසිඳු පුද්ගලයෙකු මෙලොව නැත. පරාජය මුණ නොගැසි මම ජය ලැබුවෙමි යනුවෙන් කව්රුන් හෝ පැවසුවහොත් එය ලෝකයේ අටවැනි පුදුමයයයි. කුඩාවියේ සිටම පරාජය පමණක් උරුම කරගත් ඒබ්‍රහම් ලින්කන් අවසානයේදී ඇමරිකානු ජනාධිපති විය. ඇලක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් ඔහුගේ ශ්‍රවණ ආබාධයෙන් පෙළුණු බිරිඳගේ කන ඇසීමට උපකරණයක් සැදීමට ගත් උත්සහය පරාජය වීමෙන් සැදුනු උපකරණයයි දුරකථනය. මොවුන් සියල්ල පරාජය මගින් ජයග්‍රහණය වෙත ගමන් ගත් පුද්ගලයන්ය.

ජිවිතයේ ජයග්‍රහණය ලැබූ ඕනෑම පුද්ගලයෙකුගෙන් අසා බලන්න; එක් ජයග්‍රහණයක් ලැබීමට ඔහු ලබපු පරාජයන් කෙතරම් දැයි ඔබට දැනගැනීමට හැකි වෙයි. ඔබ කැමති ජයග්‍රාහකයන් දස දෙනෙකුගේ නම් කොළයක ලියා ගන්න. ඔවුන් එකිනෙකාගේ චරිතාපදන පොත් අරගෙන ඔවුන්ගේ ජීවිතය අවධානයෙන් කියවා බලන්න. ඔවුන් සැමදෙනාම එක් ජයග්‍රහණයක් ලැබීමට කි සැරයක් පරාජය වී ඇත්දැයි ලේඛන ගත කරන්න. ජිවිතයේ පරාජය මුණ නොගැසි ජයග්‍රහණය ලබපු කිසිවෙකු නොමැති බව ඔබට හොඳින් වැටහෙයි.

ලෝකයේ මෙතෙක් ජයග්‍රහණය ලබපු එක් ආදර කතාවක්වත් ඉතිහාස පොත්වල සටහන් වුයේ නැත. ඒවා සියල්ලම වාගේ අවසන් වුයේ විවාහයෙනි. නමුත් ලෝකයේ කාව්‍යයන් ලෙස ඉතිහාස පොත්වල නම් දරා ඇති සියලුම ආදර කතාවන් පරාජිත ආදර කතාවන්ය.

පරාජය යනු ජයග්‍රහණයේ ප්‍රථම පියගැටපෙළයි. සෑම ජයග්‍රහණයක් පිටිපස්සෙම පරාජය නැමති ගුරුවරයා සැඟවී ගෙන සිටියි. අපි වැරැද්දක් කරද්දී එම ගුරුවරයා පරාජය නැමති රූපයෙන් අප ඉදිරියට පැමිණ ජයග්‍රහණයේ මාවත අපිට කියා දෙයි. පරාජය නැමති ගුරුවරයාගෙන් වැඩි වාරගණනක් ඉගෙනගත් ලොව එකම පුද්ගලයා තෝමස් අල්වා එඩිසන්ය. ඔහු බල්බයක් දැල්වෙන එක් වාරයක් සොයාගැනීමට පරාජය නැමති ගුරුවරයාව දහස් සැරයක් මුණ ගැසුනේය.

Thomas Alva Edison
බල්බයක් දැල්වීමට වැදගත් ද්‍රව්‍යයක් වන්නේ තන්ස්ටන්ය. බල්බය තුළ තන්ස්ටන් යොදා ගතහොත් බල්බය පත්තු කළ හැකි බව සොයාගැනීමට ඔහු දහස් සැරයක් උත්සහ කෙරුවේය. තන්ස්ටන් යොදා ගැනීමට ප්‍රථම නොයකුත් තන්තු වර්ග සහ කම්බි වර්ග යොදා උත්සහ කර බැලුවත් ඒවා සියල්ල අසාර්ථක විය. මෙසේ දහස් සැරයක් උත්සහ කර අවසානයේදී තන්ස්ටන් තන්තුව බල්බය තුළ රඳවා සාර්ථකව එඩිසන් බල්බය පත්තු කෙරුවේය.

මෙය දැකපු ඔහුගේ මිතුරෙක් "දහස් සැරයක් පරාජය වුනානේ ඔබට වේදනාවක් දැනුනේ නැද්ද'' යනුවෙන් ඇසීය. එයට එඩිසන්"අනිවාර්යයෙන්ම නැත. මම පරාජය වුනු සෑම අවස්ථාවකම එක් පරීක්ෂණයක් නොකළ යුත්තේ කෙසේදැයි ඉගෙන ගත්තෙමි. අවසානයේදී ජයග්‍රහණයත් ලැබුවෙමි." යනුවෙන් පැවසිය. ජයග්‍රාහකයන් තමන්ගේ පරාජයන් විඳ දරාගන්නා ආකාරය මෙම කතාවෙන් මනාව පැහැදිලි වෙයි. පරාජය, පරාජයක් ලෙස නොසලකන්න. ඔබට ලැබුණු තවත් අවස්ථාවක් යැයි සළකන්න. සෑම පරාජයක්ම තාවකාලික අසාර්ථක වීමක් පමණි.

පරාජය වන සෑම අවස්ථාවකම ජයග්‍රහණය කරා මම ගමන් කරමින් සිටිමි යන්න සිතාගන්න. 15 වැනි මහලට යා යුතු නම් මහල් 14ක් අනිවාර්යයෙන්ම පසු කළ යුතුය. ඔබට ජයග්‍රහණයේ ලිපිනය සොයාගැනීමට අවශ්‍ය නම් පරාජයේ පියගැටපෙළවල් එකිනෙක පසුකළ යුතුය. ජයග්‍රහණයේ ලිපිනය සොයා ගැනීමේ අවශ්‍යතාවයක් ඔබට තිබේද? එසේ නම් පරාජය වන්න.

වර්තමානයේ බොහෝ දෙමව්පියන් තමන්ගේ දරුවන්ට ජිවිතයේ එක් අංගයක් වශයෙන් ජයග්‍රහණය ගැන පමණක් උගන්වයි. ඊළඟ අංගය වන පරාජය ගැන දරුවන්ට උගන්වන්නේ නැත. මේ හේතුව නිසා එම දරුවන් පරාජය මුණගැසුණු විට එයට ප්‍රතිචාර දැක්වීමට නොදෙන උග්‍ර තීරණයන්ට එළඹෙයි. එය සමහර විට දිවිනසා ගැනීමයි. මෙය වෙනස් විය යුතුයි. ළමුන්ට කුඩා වියේදීම ජයග්‍රහණය ගැන පමණක් නොව පරාජය ගැනත් ඉගැන්විය යුතුයි.

Charlie Chaplin
ශරීරයේ තමන්ට තිබුණු අඩුපාඩු සියල්ල තමන්ගේ ශක්තීන් බවට පරිවර්තනය කරගත් පුද්ගලයන්ගේ ජීවිත ගැන මඳක් සළකා බලන්න. පෝලියෝ රෝගයෙන් පෙළුණු රුස්වෙල්ට් ඇමෙරිකා ජනාධිපති වුනේ නැද්ද? කුඩා වියේදී කුසට ප්‍රමාණවත් ආහාර නොලැබූ නිසා ශරීර අවයව නිසියාකාරව වර්ධනය නොවී දකින සියල්ලන් පරිහාසයට ලක්කරන ස්වරූපයෙන් සිටි චාර්ලි චැප්ලින් තමාව බලා සිනාසු සියල්ලවම මුදල් ගෙවා තමාගේ සිනහව බැලීමට සැලස්වුයේ නැද්ද? කන් නොඇසුණු තෝමස් අල්වා එඩිසන් සැවෝම අසා වින්දනය වීමට ග්‍රැමෆෝනය (Gramophone) සොයා ගත්තේ නැද්ද? බාධක, ගරාවැටීම් සහ පරාජයන් නසන ඖෂධය රසායන දෙකක මිශ්‍රණයකි. ඒවා නම් පුහුණුව සහ උත්සහයයි. ඉහත සඳහන් කළ චරිත සියල්ල මෙම ඖෂධය ලබාගත් පුද්ගලයන්ය. මොවුන් වාගේ මෙම ඖෂධය ලබාගත් තවත් තරුණයෙකුගේ කතාවකි මෙය.

ඔහු නමින් ජුලියෝය. ස්පාඤ්ඤ ජාතිකයෙකු වන ඔහු පා පන්දු ක්‍රීඩාවට මහත් රුචිකත්වයක් දැක් වූ පුද්ගලයෙකි. ඔහුගේ ආශාව වුයේ දක්ශ පන්දු රකින්නකු වීමටය. ඔහු තමාගේ ආශාව මුදුන් පමුණුවා ගැනීම සඳහා දැඩි ලෙස කැප වී පුහුණු විය. ඔහුගේ කැපවීමට ත්‍යාගය වශයෙන් රියල් මෙඩ්රීඩ් (Real Madrid) කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඔහුට අවස්ථාව ලැබුනේය. මොහු කණඩායමේ ශ්‍රේෂ්ඨ පන්දු රකින්නෙක් බවට පත්වේ යැයි සැවෝම සිහින දැක්කේය.

Julio Iglesias
නමුත් අවාසනාවන්ත ලෙස දවසක් ඔහුට රිය අනතුරකට මුහුණ දීමට සිදුවිය. අසාධ්‍ය තත්වයෙන් රෝහලට ඇතුළත් කළ ජුලියෝට එම රිය අනතුර නිසා ඇවිදීමට නොහැකිව සදාකාලික අබ්බගාතයෙක් විය. මාස 18ක් රෝහල් සුවය විඳ එළියට පැමිණි ඔහුට ජීවිතය අපායක් විය. තමාගේ ජීවිතය මෙසේ අන්ධකාර වුනේ යැයි සිතා කඳුළු සැලුවේය ජුලියෝ. එම කඳුළු පෑනේ තීන්ත බවට පරිවර්තනය කර ඔහු සිංදු ලිවීමට පටන් ගත්තේය. ඔහු ලියු එම සිංදු තමාගේ ගිටාර් එකෙන්ම වාදනය කර තමාම ගායනය කිරීමට පටන් ගත්තේය. ජයග්‍රහණය නැමති නැළවිලි ගීතය අසා ජයග්‍රාහකයන් නිදාගනිද්දී පරාජය නිසා ජුලියෝගේ සිතේ නිර්මාණය වූ ගීත ලෝක ප්‍රසිද්ධ විය.

පසුකාලයේදී සංගීත කේෂ්ත්‍රයෙහි ශ්‍රේෂ්ඨ ගායකයන් 10 දෙනා අතර ගීත ඇල්බම් 300ක් නිර්මාණය කරපු ජුලියෝ ඉග්ලේසියස් (Julio Iglesias) නැමති නමත් සනිටුහන් විය. එම රිය අනතුර පමණක් සිදු වුයේ නැතිනම් ජුලියෝ 100 දෙනෙක් පමණක් දන්නා පන්දු රකින්නෙක් වන්නට තිබුණි. නමුත් දැන් ඔහු මුළු ලොවම හඳුනන ශ්‍රේෂ්ඨ ගායකයෙක් බවට පත් වී ඇත.

බොහෝ පුද්ගලයන් යම් දෙයක් සාර්ථකත්වයට පත්වීමට ආසන්නව තිබියෙදී එය අත්හැර දමයි. ඔවුන් එය අත් අරින්නේ ජයග්‍රහණයට යාරයක දුරක් තිබියදීය. අවසන් විනාඩියේදී තරඟය අත්හැර දමයි. ජයග්‍රාහී සීමාවට එක් අඩියක් තිබියදී අපේක්ෂා බිඳ ගනියි. අපට එක් දොරක් වැසුනහොත් එහි තේරුම අප අසළම තවත් දොරක් ඇරී ඇත යන්නයි. නමුත් ඇතැමුන් වැසුන දොර අසළ ඉඳගෙන කඳුළු සලනවා මිස ඇරී තිබෙන දොර දෙසට අවධානය යොමු කරන්නේ නැත. ඔබත් එවැනි පුද්ගලයෙක්ද? එසේ නම් වහාම වැසුනු දොර අසළ සිටගෙන කඳුළු සැලීම නවත්වා ඇරී තිබෙන දොර ඇතුළින් පිවිස ජයග්‍රහණයේ මාවත දිගේ නව ගමනක් අරඹන්න
                  (http://yathrava.blogspot.com)

Popular Posts