හද ඉකි බිදිනා මහා අනෝරාවේ

අපේ සබද කම් සිහිවේ අදත් එදා මෙන්
නුබේ සුවද මට තාම දැනේ
යෞවනයේ සුසුම් තෙමන්න බැරි හින්දා
තෙමුනා නුබ මා සමගින් මධු වැස්සේ
ඇයි මෙතරම් ලං වුනේ හිතටම
වෙන් වෙන්න නොහැකි තරමටම
පෙම්වතියක් නම් -
අතගැලි ඔච්චම් කරන්න තිබුනා.
නීල තරු කැකුළු වලට -
නෙතට නෙත තියන් ඉන්න තිබුනා.
අපේ මිතුදම් -
සෙවනැලි පාවෙයි නිල දිය මත.
මල් තුහින ඉසින -
හීගඩු පිපෙන සීතලේ -
මතකය නොමරා ඔබ ඉන්න.
........(ප්රමෝද් කැස්ටල්).........