Twitter Bird Gadget

Saturday, July 21, 2012

ඩෙංගු මදුරුවන් මර්ධනය කිරීම සඳහා

         
ඩෙංගු මදුරුවන් මර්ධනය කිරීම සඳහා මේ වන විට පියවර රැසක් ක්‍රියාත්මක කරල තිබෙනවා. නමුත් එම ක්‍රියාමාර්ග කිසිවකින් බලාපොරොත්තු වූ පරිදි ඩෙංගු මදුරුවන් මර්ධනය වුනේ නැහැ.

ශ්‍රී ලංකාවේ වගේම බ්‍රසීලයේත් මේ ඩෙංගු උවදුර ප්‍රභලව ව්‍යාප්ත වෙලා තිබෙනවා. ඒ නිසාවෙන්ම ඔවුන් මෙම මදුරුවන් මර්ධනය සඳහා නව ක්‍රමයක් සොයාගෙන ඇති බවට වාර්තා වනවා. ඒ නව ජාන සංයුතියකින් යුතු පිරිමි මදුරුවෙක් මුදා හැරීමයි.

මේ සඳහා මුල්ම පියවර තැබුවේ බාහියා ප්‍රාන්තයේ දී මදුරුවන් සඳහා ගොවිපලක් ද ආරම්භ කරමින්. පරීක්ෂණාගාර තුළ දී පිරිමි මදුරුවන් ගේ ජාන සංයුතිය වෙනස් කර ගැහැණු සතුන් හා එක් වීමට වන ගත පෙදෙස් වලට මුදා හැරෙනවා. ජාන වෙනස් කල මදුරුවා සංවාසයේ දීමෙන් පසු හටගන්නා මදුරු කීටයන්ගේ ආයුෂ කෙටි බවත් උන් කීට අවස්ථාවේදීම මිය යන බවත් පැවසෙනවා.

දැනට ඩෙංගු වලට ප්‍රතිකර්මයක් හෝ මර්ධනය සඳහා සාර්ථක ක්‍රමයක් නොමැති බැවින් මෙම නව ජාන සහිත මදුරුවන් මඟින් දිනෙන් දින උග්‍ර වී වසංගතයක් තරමට ම පත්ව ඇති ඩෙංගු උවදුර මර්ධනය ක්‍රීමට හැකි වන බවටයි විශ්වාස කෙරෙන්නේ.

මෙයට පරිසරවේදීන්ගේ විරෝධය එල්ලවී ඇත්තේ පරිසරයේ ඇති සමතුලිතභාවය මේ නිසා බිඳී යන බව පවසමින්. කෙසේ නමුත් මෙය ඩෙංගු මදුරුවන් තුරන් කිරීම සඳහා ඇති මෙතෙක් සොයාගත් සාර්ථක විසඳුමක් ලෙස සලකයි.

Read more: http://www.gossip9.com/2012/07/blog-post_7503.html#ixzz21G2YPFWf

No comments:

Post a Comment

Popular Posts