Twitter Bird Gadget

Saturday, July 5, 2014

සිත්තම් කර යන්න එපා ඉගිල්ලිලා

හිත අහසේ කවි ලියන්න 
ගෙත්තම් වුනු නුබේ රූපය මකා යන්න 
සිත්තම් කර යන්න එපා ඉගිල්ලිලා 
උණු කදුලින් සිතුවම් දිය කරන්න 

ඔබට සිහිවෙන්නේ ඔහුමයි 
ඔබට වද දෙන්නේ මමලු 
හදට සුව දෙන්නේ මධු විතයි 
පෙමට පිටුපැවා ඔබ දැන් 

සිහිනයක්ම වෙලා ගියා -
හිතාගන්න බැරි විදියට 
නුබ අද එතැයි හෙට  එතැයි සිටියත් මං-
මල මිලිනව පෙති ගිලිහෙන බව නොදන්නවා නොවේ

මහා වැස්සක් වැහැලා ගියා 
පුරා සදක් පායා ඇවිත් 
නුබ පමණයි මගේ ලෝකෙට අඩු -
මැවූ සිහින එළි කරන්න 

........ප්‍රමෝද් කැස්ටල්...........

No comments:

Post a Comment

Popular Posts