Twitter Bird Gadget

Friday, June 15, 2012

ඉටි වලින් රූප හදන අපේ රටේ දක්‍ෂයා

◄ ඉටි වලින් රූප හදන අපේ රටේ දක්‍ෂයා ►

ඔබ ඔබවම දකින්නේ කැඩපතින් පමණයි. ඔබ ඔබවම දකින්නේ සිතින් පමණයි. ඒත් සමහරු ඔවුන් මැඩම් ටුසාඩ් වැනි කෞතුකාගාරවලත් දකියි. අපි හැමෝටම කෞතුකාගාරවල ඉටි රුවක් විය නොහැක. මස් ලේ ඇට නහර, මස්තිෂ්ක, අනුමස්තිෂ්ක ශරීර අභ්‍යන්තරයේ නැතත් ඔබේ ආත්මීය සංෂිප්තය මුහුණෙන් පෙන්නුම්කර, ඔබේම හැඩය ගත් ඔබේම ප‍‍්‍රමාණයගත් ඉටිරූපයක් බවට ඔබව පත් කිරීමට ඔහුට පුළුවන. ඒ මහනුවර අතුල හේරත් නම් නිර්මාණකරුවන් අතර දුර්ලභ වූ නිර්මාණකරුවායි.

◄►ඉටියෙන් රූප මවන කලාකරුවෙකු වීමේ භාග්‍ය ලැබුණු අයුරු මතක් කළොත්?

මම එවැනි කලාකරුවෙකු බව මටත් කලින් හඳුනා ගත්තේ මගෙ අම්මා. ඇය ගුරුවරියක්. සෞන්දර්යයට ලැදි කෙනෙක්. ඇය නාට්‍ය කළා. පෙරහැර සංවිධානය කළා. මම ඒ හැම අවස්ථාවෙම විවිධ අයුරින් ඒ නිර්මාණවලට දායක වුණා. චිත‍‍්‍ර ඇන්දා. පෙරහැරේ අලියා අඹන්නත් වුණා.

ඒත් අම්මට ඕන වුණේ මාව වෛද්‍යවරයෙක් කරන්න. මට විශ්වවිද්‍යාලයට යන්න ලකුණු මදිවුණා. ඊට පස්සේ 1983දී ගුවන් හමුදාවට බැදුණා. පස්සේ ශ‍‍්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ඉවත් වෙලා ඕමාන් ගුවන් හමුදාවට බැදුනා. මේ හැම කාලයකම යුද්ධයත් එක්ක මා තුළ සිටි නිර්මාණකරුවා තෙරපි තෙරපි සිටියා.

◄►ඒ නිර්මාණකරුවා නැවත පණ ලැබූ අයුරු සඳහන් කළොත් ?

ඕමානේ ඉන්න කාලේ එංගලන්ත ජාතිකයෙක් මට මුණ ගැසුණා. ඔහුගෙන් ගෘහ අලංකරණය පිළිබඳව ගොඩක් දේවල් ඉගෙන ගත්තා. පස්සෙ ලංකාවට ඇවිල්ලා ඒ පිළිබඳව ඩිප්ලෝමාවකුත් කළා. මම හිතුවා මට තියෙන හැකියාවෙන් ප‍‍්‍රයෝජන ගන්න. දැනට අවුරුදු හතකට කලින් කොටුගොඩැල්ල වීදියෙන් මම පොතක් ගත්තා. ඒ පොත නිසා ලොකු ආසාවක් ඇතිවුණා මේ රටේ ප‍‍්‍රසිද්ධ පුද්ගලයන්ගේ අනුරුව ඇතුළත් කෞතුකාගාරයක් කරන්න. ඒක ලෙසි පහසු හීනයක් නෙමෙයි.

අවුරුදු හතක් විතර විවිධ අත්හදාබැලීම් කළා. අනුරූ සිය ගණනක් හැදුවා. නමුත් සාර්ථක වුණේ නෑ. හැබැයි කාලයක් යනකොට මට තේරුණා දැන් හරි කියලා.

◄►ඔබේ පළමු ප‍‍්‍රසිද්ධ පුද්ගල නිර්මාණය, ප‍‍්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරාගේ?

ඔව්. මහේන්ද්‍රව තෝරගන්න හේතු කිපයක් තිබුණා. එකක් ඒ මම කැමතිම රංගන ශිල්පියා, රංගන ශිල්පියෙක් වගේම සරල මනුස්සයෙක්, හොඳ නළුවෙක්, අනෙක් කරුණ තමයි මහේන්ද්‍රගේ ශරීර අංග, මුහුණේ ඉරියව් නිර්මාණය කිරීම ටිකක් අමාරුයි. එවැනි කෙනෙක් නිර්මාණය කිරීම අභියෝගයක් ලෙසත් බාර ගත්තා.

◄►කෙනෙක් ඔබේ මේ නිර්මාණකරණයට අත දෙන්න සුදානම් නම් ඔබ ඒ අයට කියන්න තියෙන්නේ කුමක්ද?

එහෙම උදව් කරනවා නම් අනුග‍‍්‍රහය දක්වන පිළිරුවේ යටින් ඔහුගේ නම හෝ ආයතනයේ නම සඳහන් කරනවා. කලාවක් විදිහට මේක මේ රටේ ගොඩනගන්න කවුරු හරි උදව් කරනවා නම්, ඒක මට ලොකු හයියක්.

No comments:

Post a Comment

Popular Posts