Twitter Bird Gadget

Sunday, August 26, 2012

ඇතීනා දෙවඟන



ඔන්න එකෝමත් එක කාලෙක දෙවිවරුන්ගේ රජ්ජුරුවෝ විදිහට ඉන්න සියුස් දෙවියෝ මෙටිස් (Metis) කියලා කුමාරිකාවක් සරණ පාවා ගන්නවා. මෙටිස් කුමාරිය කියන්නේ සෑහෙන බුද්ධිමත් කුමාරිකාවක් !

ඉතින් මේ කුමාරියයි සියුස් රජතුමායි සතුටින් ජීවත් වෙනවා. ටික කාලයකට පස්සේ මේ කුමාරිය දරුවෙක් පිළිසිඳ ගන්නවා. මේ කුමාරිය දරුවෙක් පිලිසිඳ ගන්න ආරංචිය අහපු සියුස් රජතුමා ඒ තරම් සතුටු වෙන්නේ නෑ.රජතුමා කලබල වෙනවා.

එහෙම කලබල වෙන්නේ බැරිවෙලාවකවත් කුමාරිය පුතෙක් බිහි කලොත් සියුස් රජතුමාට පුතාගේ අතින් මැරුම් කන්න සිද්ධ වෙන්ඩ වෙන නිසා.නමුත් සියුස් රජතුමා දන්නේ නෑ තමන්ගේ ආදරනීය බිරින්දෑට දූ කුමාරියක් ලැබෙන්ඩ හිටපු විත්තිය.! ඉතින් මේ රජතුමා තමන්ගේ දේව බලය පාවිච්චි කරලා මේ ආදරනීය බිරින්දෑව චූටි කෘමියෙක් බවට පත් කරනවා. ඊට පස්සේ මේ රජතුමා තමන්ගේ ආදර නීය බිරින්දෑව ගිලිනවා.

තමන්ගේ ආදරනීය බිරින්දෑව ගිල්ලට පස්සේ සියුස් රජතුමාට දරාගන්ඩ බැරි තරමේ දරුණු හිසේරදයක් හැදෙනවා. ග්‍රීසයේ හිටපු හැම වෙදෙක්වම ගෙන්නුවත් මේ හිසේ රදය හොද වෙන්නේ නෑ.. කොටින්ම වෙදකමට අධිපති ඇපලෝ කියන දෙවියන්ටවත් මේ හිසේරදය හොද කරන්ඩ නම් ලබෙන්නේ නෑ..

අන්තිමේදි සියුස් රජතුමාට කරකියා ගන්න දෙයක් නැතිවෙනවා.ඊට පස්සේ සියුස් රජතුමා, කම්මල්වැඩවලට අධිපති හිපාක්ටස් කියන දෙවියන්ව කැඳවනවා. ඊට පස්සේ හිපාක්ටස්ට අණ කරනවා එක පොරෝපාරකින් තමන්ගේ ඔළුව දෙපළු කරන්ඩ කියලා.

සියුස් දෙවියන්ගේ අණ පිළිපැදපු හිපාක්ටස්, තමන්ගේ පොරොවෙන් සියුස් රජතුමාගේ හිස දෙපළු කරනවා.හිස දෙපළු කලාට පස්සේ නළල පැළුන තැනින් යුධ ඇඳුම් වලින් සැරසුන කුමාරිකාවක් එලි‍යට එනවා.එහෙම එලියට එන කුමාරිය තමයි ඇතීනා දෙවඟන කියන්නේ.

මේ ඇතීනා දෙවඟනට තමන්ගේ අම්මගේ බුද්ධිමත් කම නො අඩුව ලැබෙනවා. මේ නිසාම කුමාරිය පසු කාලිනව බුද්ධියට අධිපති දෙවඟන බවට පත් වෙනවා. තව දෙයක් තමයි යුධ ඇඳුමින් සැරසිලා පැමිණි ඇතීනා දෙවඟන යුධ උපක්‍රමවලට අධිපති දෙවඟන කියලත් හඳුන්වනවා.කොටින්ම ඇතීනා දෙවඟන කියන්නේ රූ සම්පත්තියෙන් අගතැන්පත් දෙවඟනක් !

ඒ වගේම සියුස් රජතුමාත් තමන්ගේ දූ කුමරියට සෑහෙන්ඩ ආදරේ කරනවා. කොටින්ම තමන්ගේ උපදේශිකාව හැටියට දූ කුමාරියව පත් කර ගන්නවා. :)

ඔන්න ඔහොම තමයි බුද්ධියට අධිපති ඇතීනා දෙවඟන උපදින්නේ..

උපුටාගැනීම- http://www.facebook.com/JeewithayaSundarai

No comments:

Post a Comment

Popular Posts