Twitter Bird Gadget

Wednesday, April 22, 2015

රෝස මල් ලස්සන වුනාට ලේ පාටයි.



හිරු නැගගෙන්න හොරා දෙක තුනකට පෙර හීනියට පෙර හීනියට වැටෙන පොද වැස්ස නැව්ම් බවක් වගේම ගුප්ත් බවක්ද රැගෙන එනවා.ලස්සන රතු රෝස මල් ලස්සන වුනාට ලේ පාටයි. ලේ පට රෝසමල් වලට පිණිවටිලා ඈතට ලේ ගුලි වගේ දිලිසෙනවා.
කහවත්ත කොටකෙතනට තුරු ඉස්මත්තෙන් යන්තමට හිරු එලිය වැටීගෙන ආවේ ගමක්ම මල ගෙයක් බවට පත් කරගෙනය.ෆේස්බුකියේ නිතර සැරිසරන බොහෝ දෙනෙක් දන්න බොහෝදෙනෙක් නොදන්නා පුද්ගලයෙක් ඔහුගේ ගිණුමේ "අම්මා ද වටින්නේ පෙම් වතියද වටින්නේ ?දමු බලන්න කොමෙන්ට් "කියා පළකර ඇත.සියලු දෙනාම මෙන් කොමෙන්ට් කර තිබුනේ "අම්මා" යනුවෙනි.උදේ 7 පමණ ප්‍රසිද්ද ගිරව් Fm නාලිකාවක "කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ 18 හැවිරිදි තම දෙවැනි දරුවා විසින් තම මව ඝාතනය කර ඇත."යනුවෙන් කියනු ලැබිය.සමාජය පිරිහිලා කියන්නේ නිකන්ද.අද තරුණ පරපුරට කිසි දෙමාපිය හැගීමක් නැත.බොහෝ උදවිය කියනු ඇසෙ.එය ඇත්ත ය.එහෙත් තරුණ පරපුර අපේ සංස්කෘතිය අත්හැර ඔවුන් නව සංස්කෘතිය පසුපස හබා යාම සාධාරණය.මෙය බොහෝ උගත් පණ්ඩිතයන්ට නොතේරේ.රටක් දියුණු වෙනවනම් භව්තිකව දියුණු වීම පමණක් මදිය,සමාජය තුල උසස් මානසික මට්ටමක් තිබිය යුතුය.ශ්‍රී ලංකික අප කැලෙන් එලියට ඇවිත් වනචාරී ගති තුරන් කර බොහෝකල් වුවත් තාමත් කුණු රසට අසාකරන්නන් බොහෝ ඇත.මල් තලා රොන් ගන්නේ මන්ද,මල නොතලා රොන් ගන්න බැරිද?.දබදෙණි යුගයේ ධර්මසේන හිමි කියූ බණ කතා උදේහවා පන්සල්වල කිවුවත් පිළිපදින කෙනෙක් නැත.විලාසිතාවට ආගම අදහන්නන් බොහෝ ඇත."ආදරේ උල්පත වූ අම්මා"කියා කිව්වේ වික්ටර් රත්නායකන්,"ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්තයි" නන්දා මලනියන්.මේවා ඇත්ත ද කියලා හිතාගන්න බැරිව හිත හිත ඉන්නකොට ඉහත සිද්ධියෙන් දින තුනකට පසුව ඉරිදා ප්‍රසිද්ද පුවත් පතක ප්‍රධාන කොටසේ කළුපාට ලොකු අකුරින් "කොටකෙතන චන්ද්‍රනිගේ පුත්‍රයා පොලිසියට කියයි."යනිවෙන් තිබෙනවා.මම එය කියවන්න අතට ගන්නවා.ඒ අසවකින් නොව දරුණු මුර්ගයගේ කතාව දන ගැනීමේ කුතුහලෙනි.ඒ ලිපියේ රතුපාට පොඩි අකුරෙන් "මම යාළුවෙලා ඉන්න කෙල්ල මගේ බර්ත්ඩේ එකට ලස්සන රතු රෝස මලක් දුන්නා.ඒ රෝස මල කෘතිමව හදාපු එකක්.එක විදුරු පෙට්ටියක දාලා තිබුණේ.මගේ ගර්ල් ෆෙන්ඩ්ට එයාගේ බර්ත්ඩේ එකට මුකුත් තෑග්ගක් දෙන්න මට බැරිව ගියා. ඒ හින්ද අලුත් අවුරුද්දට වටින තෑග්ගක් දෙන්න ඕනෑ කියා ම කල්පනා කළා.එදා වටිනා තෑග්ගක් ගන්න මට සල්ලි නැහැ.මම අම්මාගෙන්  රු 1500ක් ඉල්ලුවා.අම්මා දුන්නේ නැහැ.සල්ලි දුන්නේ නැතිනිසා අම්මා එක්ක මගේ හිතේ ලොකු තරහක් තිබුනා.එක හන්දා මම සල්ලි ඉල්ලලා රණ්ඩු කළා.මගේ ළඟ තිබුණු පිහියෙන් අම්මට ගැහුවා.අම්මාගේ වම් අතේ බල නහරේ කැපුනා .අම්මා එතනම ඇදගෙන වැටුනා " යනුවෙන් තවත් බොහෝදේ ඔහු ගේ පපොච්ච්රණයේ සදහන්  විය.
ආදරේ උල්පතවූ අම්මා පිහියෙන් ගසා මරා දමන්න තරම්න් ප්‍රේමයෙන් උමතු වුවෙකු අසා ද දැකද  නැතෙමි.ආදරේ ඉගැන්නුවේ අම්මා කියලා ඉස්සර පඩිවරු කියල තියෙනවා. තිස්තුන් කෝටියක් දෙවිවරු සිටියත් ඔවුන් මිනිසුන්ගේ පිං ලැබුවත් දෙකෝටියක් පමණ අප රටේ එක් පුද්ගලයෙකකුට දෙවිවරු හතක්වත් සිටිය යතුය.එහෙත් එක දෙවිකෙනෙක්වත් ඇහැක් ඇර බැලුවේ නැතේ ඇයි මට හිතෙනවා.මං හිතන්නේ දෙවිවරු කියල ජාතියක් නැතිව ඇති.නැත්තම් දෙවිවරුන්ට පිං මැදිවෙලා ඇති.මේ දෙකෙන් එකක් වෙලා තියෙනවා.ඉර එලිය හරස් අතට පායලා දැන් කෙලින් අතට උඩඉදන් පහලට වැටිලා කස්ටක පොළොව උඩට වෙ වෙරියෙන් වගේ වැටිලා තියෙනවා.බලන්න බැරි ඉර එලිය ඇස් දෙකට කදුළු ගෙනවා .ලෝකය පිළිබද සුන්දර හැගීම් සියල්ලක්ම දියවී යමින් පවතී.බලාපොරොත්තු බිදවැටීම තරම් තවත් නැත යන්න සිතන්න තවත් බොහෝ ඇත.එහෙත් එක බලාපොරොත්තුවක් කඩවුවහොත් තවත් බලාපොරොත්තුවක් ඇති කරගත යුතුනොවේද යන්න මට හිතෙනවා.ඔහු දෙවියන් ඉදිරියේ කමා කරගන්න බැරි වරදක් සිදුකර අවසන්ය.ඔහුට නීතියෙන් දඩුවම් ලැබුණත් ඊටත් වඩා දරුණුම දඩුවම ස්වභා දහමෙන් දී අවසන්ය.ඒ ඔහු මැරෙන තුරා සිතින් විදවීමයි.මෙය රෝමියෝ ජුලියට් පෙම් පුවත නොව,සාලිය අශෝක මාලා පෙම් පුවත ද නොව ,මෙය කොටකෙතන ප්‍රෙදේශයේ වනචාරී ප්‍රේමයකි.


මුළු ලෝකයම තම පෙම්වතියි,මුළු ලෝකයම තම පෙම්වතයි සිතු පුද්ගලයන් ප්‍රේම සත්වයන් මෙන් සැරිසරති.එහෙත් ඇසින් දුටුවත් කනින් ඇසුවත් අදහාගත නොහැකිය. එරබදු මල්වල ලේ තැවරිලා වගේ රතුපටට පිපිලා තියෙනවා.කොහා කෑ ගහන්නේ නැත්තේ මේ අවුරුද්ද එපවෙලද දන්නේ නැ.සදාකල් හිතේ තෙරෙපෙන වේදනාව දුක බෝම්බයක් ගහලා විනාශ කරන්න ඇත්නම් කියා ඔහුට හිතෙනවා ඇති.අවසන්වරට කියන්න තියන්නේ "ප්‍රේමය ලොව හැම තැනම ඇතී,හැම දෙනාටම හමුවෙලා ඇති,එනමුදු ප්‍රේමය කිමැයි කියා ,හදුනාගත් කිසිකෙනෙකු නැති,"යනුවෙනි.මෙහෙම කිවුවේ චන්දන ලියනාරච්චි ගායකයත් ගී පද රචකයත් ප්‍රේමය එක එක විදියට විග්‍රහා කළා.තමන් තමන්ට ගැලපෙන පරිදි විග්‍රහා කරගන්න කියලා මං යෝජනා කරනවා.

No comments:

Post a Comment

Popular Posts